Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘එස්. එස්. සී’ යට මහින්දානන්ද එපාලූ

‘එස්. එස්. සී’ යට මහින්දානන්ද එපාලූ

Dilrukshi - 2015 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම හා පැරණිතම කී‍්‍රඩා සමාජයක් වන සිංහල කී‍්‍රඩා සමාජයේ (එස්. එස්. සී.)සාමාජිකත්වය ලබාගැනීම සඳහා හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉදිරිපත් කළ අයදුම්පත ප‍්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.


කොළඹ මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ පරිශ‍්‍රයට ඇතුළුවීමද හිටපු කී‍්‍රඩා ඇමතිවරයාට තහනම් කිරීමට යෝජනා වී ඇතත් පසුව තීරණය වී ඇත්තේ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේ සාමාජිකයකුගේ ආරාධිතයකු වශයෙන් පමණක් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ පරිශ‍්‍රයට ඇතුළු වීමට ඔහුට අවකාශ ඇති බවයි.

සිංහල කී‍්‍රඩා සමාජයේ (එස්. එස්. සී) සාමාජිකත්වය ලබාගැනීම සඳහා අලූත්ගමගේ මහතා ඉදිරිපත් කළ අයදුම්පත පසුගිය සති අන්තයේ පැවැති එම සමාජයේ විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වී තිබේ. ඒ සඳහා ඔහුගේ නම යෝජනා කරනු ලැබ ඇත්තේ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේ සාමාජිකයන්ද වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු විසිනි.

සිංහල කී‍්‍රඩා සමාජයේ විධායක කමිටුව හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන්, නිතිඥවරුන්ගෙන් මෙන්ම පෞද්ගලික ක්ෂේත‍්‍රයේ විධායක මට්ටමේ ඉහළම නිලධාරීන්ගෙන් සමන්විතය. නවක සාමාජිකයන් බඳවාගැනීමේදී විධායක කමිටුවේ ඒකමතික අනුමැතිය අවශ්‍යම වේ.

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේ සාමාජිකයකු වශයෙන් කී‍්‍රඩා හිටපු අමාත්‍යවරයාගේ නම යෝජනා වූ අවස්ථාවේදී ඇමතිවරයාගේ අතීත වාර්තා පිළිබඳ අවධානය යොමුකර ඇති විධායක කමිටුව යෝජකයාගෙන්ද යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් විමසා තිබේ. ඊට පිළිතුරු ලෙසින් යෝජකයා පවසා ඇත්තේ හිටපු ඇමතිවරයාට අපරාධ චෝදනා කිසිවක් නැති බවත්, ඔහුට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා කිසිවක් මේ දක්වා සනාථ වී නැති බවත්ය.

මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ නම එස්. එස්. සී. සාමාජිකයත්වය සඳහා යෝජනා කරන ලද, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරියාගේ ස්ථාවරය වී ඇත්තේ ”උසාවියෙන් වරදකරුවකු කරන තුරු සෑම කෙනෙක්ම අහිංසකයෙක්” ය යන තර්කයයි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම තර්ක එස්. එස්. සී. විධායක කමිටුව සෑහීමට පත්කිරීමට තරම් ප‍්‍රමාණවත් වී නැති හෙයින් අයදුම්පත ප‍්‍රතික්ෂේප වී තිබේ. සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත විධායක කමිටුවේ සාමාජිකයන් හත් දෙනකුම මහින්දානන්ද අලූත්ගමගේ මහතාට සාමාජිකත්වය පිරිිනැමීමට එරෙහිව ඡුන්දය දී තිබේ. සාමාජිකත්වය පිරිිනැමීමට එරෙහිව එක ඡන්දයක් හෝ තිබුණේ නම් සාමාජිකත්වය අහිමි වීමට එයම ප‍්‍රමාණවත් බවද කියැවේ.

එස්. එස්. සී. සාමාජිකත්යව ඉල්ලා සිටීමේ අයදුම්පත ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ සිය දරුවන් දෙදෙනා (එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේ බාලවිය සාමාජිකත්වය හිමි අය එක්කරගෙන යාමට හෝ කී‍්‍රඩා සමාජ පරිශ‍්‍රයට ඇතුළුවීමට තිබෙන අවස්ථාවද කී‍්‍රඩා හිටපු ඇමතිවරයාට තහනම් කළ යුතුද යන්නයි. පසුව එම සාකච්ඡා යටගිය නමුත් එස්. එස්. සී. කී‍්‍රඩා සාමාජිකයකු-ගේ ආරාධිතයකු වශයෙන් කී‍්‍රඩා හිටපු ඇමතිවරයාට කී‍්‍රඩා සමාජයට පැමිණිය හැකි බව පිළිගැණින.

එය එසේ වුවත්, පසුගිය දිනෙක ආරාධිතයකු වශයෙන් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයට පැමිණ, ආරක්‍ෂක නිලධාරියකුටත් පහර දී, ආරක්‍ෂක නිලධාරියාගේ දුරකතනයත් පොළොවේ ගැසීමෙන් පසුව කී‍්‍රඩා සමාජයෙන් පිටතට ඇද දමන ලද නළුවා තරම් කී‍්‍රඩා හිටපු ඇමතිවරයා අපකීර්තිමත් තැනැත්තකු නොවේ යයිද කියැවේ.

ඇරත් විවිධ ආකාරයේ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් (කාන්තාවන්ට පහරදීමේ සිදුවිම්ද ඇතුළුව) එම නළුවාට අපකීර්තිමත් ඉතිහාසයක් ඇති නමුත් ඔහුට දේශපාලනය කිරීම සඳහා සුදුසුකම් තිබේ. මීළඟ මහ මැතිවරණය සඳහාත් ඔහු නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය අවසන් වරට සාමාජිකයකුගේ නමක් ප‍්‍රතික්ෂේප කර ඇත්තේ මීට දශක හයකට හෝ හතකට එපිට යුගයේ දී බවද දැනගන්නට ඇත.

 

 


අදහස් (0)

‘එස්. එස්. සී’ යට මහින්දානන්ද එපාලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.