Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 15න් පහළ යොවුන් ලීගය කල් දමයි

15න් පහළ යොවුන් ලීගය කල් දමයි

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඉකුත් 21 වැනිදා ආරම්භ වූ අතර මෙම මස 30 වැනිදා දක්වා කොළඹ විශ්ව විද්‍යාල, වෙළෙඳ සේවා, තර්ස්ටන් විදුහල් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තිබිණ. 

තරගාවලිය කල් දමන විට එහි මූලික වටයේ තරග 10 න් 8 න් නිමාවට පත්ව තිබූ අතර ඉන් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් විය. මෙතෙක් පැවැති තරගවල ප්‍රතිඵලයන්ට අනුව ක්‍රීඩා කළ තරග 3 ම ජයගෙන සිටින කොළඹ දකුණ කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේය. 

තරග දෙකක් ජයගෙන සිටි මහනුවර කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්තානයේද, එක් තරගයක් ජයගෙන සිටින දඹුල්ල කණ්ඩායම එහි තෙවැනි ස්ථානයේද පසුවිය. කොළඹ උතුර සහ ගාල්ල කණ්ඩායම් සහභාගි වූ තරග 3 ම පරාජයට පත්වුවද, ඔවුන්ගේ ශූද්ධ ලකුණු වේයගන්ට අනුව කොළඹ උතුර කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියේය. 

මූලික වටයේ සෙසු තරග දෙක, අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහ තරගය පැවැත්වෙන දින වකවානු ඉදිරියේදී දැනුම් දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 


අදහස් (0)

15න් පහළ යොවුන් ලීගය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.