Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 15න් පහළ යොවුන් ලීග ක්‍රිකට් තරග ඇරඹෙයි

15න් පහළ යොවුන් ලීග ක්‍රිකට් තරග ඇරඹෙයි

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත් 21 වැනිදා ආරම්භ විය. තරගාවලිය මෙම මස 30 වැනිදා දක්වා කොළඹ විශ්ව විද්‍යාල, වෙළෙඳ සේවා, තර්ස්ටන් විදුහල් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. 

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 28 වැනිදාටත්, අවසන් මහ තරගය 30 වැනිදාටත් යෙදී තිබේ. 

2007 වසරේ සිට වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමූහ ව්‍යාපාරය කටයුතු කරයි. ශ්‍රී ලංකා යොවුන් ලීගය අනාගත ක්‍රිකට් විශිෂ්ඨයන් නිර්මාණය වන තැනක් බව ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා කියා සිටියේය. 

ඔහු ඒ බව කියා සිටියේ මෙවර (2024) වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉකුත්දා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 

එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, එහි තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල සහ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කලමණාකරු ඩොනවන් ඔන්ඩච්චි යන මහත්වරුද සහභාගි වූහ.  


තරගාවලියේ කාල සටහන 
21 වැනිදා - මහනුවර සහ ගාල්ල අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
21 වැනිදා - කොළඹ උතුර සහ කොලඹ දකුණ අතර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී 
22 වැනිදා - දඹුල්ල සහ කොළඹ දකුණ අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
22 වැනිදා - මහනුවර සහ කොළඹ උතුර අතර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී 
24 වැනිදා - කොළඹ දකුණ සහ මහනුවර අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
24 වැනිදා - ගාල්ල සහ දඹුල්ල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී 
25 වැනිදා - ගාල්ල සහ කොළඹ උතුර අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
25 වැනිදා - දඹුල්ල සහ මහනුවර අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී 
27 වැනිදා - කොළඹ උතුර සහ දඹුල්ල අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
27 වැනිදා - කොළඹ දකුණ සහ ගාල්ල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී 
28 වැනිදා - පළමු අවසන් පූර්ව තරගය කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී
28 වැනිදා - දෙවැනි අවසන් පූර්ව තරගය රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී 
30 වැනිදා - අවසන් මහ තරගය කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

15න් පහළ යොවුන් ලීග ක්‍රිකට් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.