Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19න් පහළ පුහුණුකරු - අවිශ්ක : කළමණාකරු - හලංගොඩ

19න් පහළ පුහුණුකරු - අවිශ්ක : කළමණාකරු - හලංගොඩ

editorial - 2021 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇති අතර මහින්ද හලංගොඩ මහතා කණ්ඩායම් කළමනාකරු වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

මෙම පත්වීම් එළඹෙන වයස 19 න් පහළ ආසියානු කුසලානය සහ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි අරමුණු කරගනිමින් සිදුකර ඇත.

මෙම තරගාවලි දෙකට සූදානම් වීම සඳහා පසුගිය සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 19 න් පහළ සංචිතය සඳහා ක්‍රීඩකයන් 26 න් යුත් ජාතික පුහුණු සංචිතයක් ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලැබූ දීපව්‍යාප්ත කුසලතා වැඩසටහනක් මඟින් තෝරා ගත් ක්‍රීඩකයින් 75 දෙනාගෙන් අවසන් ක්‍රීඩකයන් 26 දෙනෙකුගෙන් යුත් සංචිතය ජාතික කණිෂ්ඨ තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලදී.

පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම් සම්බන්ධ කරගනිමින් කුසලතා වැඩසටහන් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කරනු ලැබීය.

අවසන් ක්‍රීඩකයින් 26 දෙනා තෝරා ගැනීමට පෙර ක්‍රීඩකයින් 75 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණු වැඩසටහනකට එක්වූ අතර එහිදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශරීර සුවතා සැසි සහ පුහුණු තරග කිහිපයක් සඳහා එක්වීමට එම ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවූහ.
 
සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී) ක්‍රීඩාංගණ ලේකම් ලෙස කටයුතු කරන මහින්ද හලංගොඩ මහතා ක්‍රීඩා විවේකාගාරයේදී ක්‍රීඩකයන්ගේ විනය තදින්ම බලනු ඇත. සාර්ථක ව්‍යාපාරිකයෙකු වන ඔහු මින් පෙරද වයස 19 න් පහළ ජාතික කණ්ඩායමේ කළමණාරුලෙස කටයුතු කර ඇත.

දශකයකට ආසන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් තරග 6 කදී සහ එක්දින තරග 61 කදී අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

වසර ගණනායක් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇති ගුණවර්ධන මහතා පළමු වරට 2017 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිකිහරඹ පුහුණුකරුවශයෙන් පත්කරන ලදී.

2019 දී පැවැති දහයයි10 තරගාවලියකදී තරග පාවාදීමේ චෝදනාවකට ලක්වූ ගුණවර්ධන මහතාව පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් දූෂණ චෝදනා දෙකකින් නිදහස් කළ අතර එමඟින් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කටයුතු සඳහා සහභාගීවීම සඳහා අවස්ථාව හිමිවිය.

- 2079


අදහස් (0)

19න් පහළ පුහුණුකරු - අවිශ්ක : කළමණාකරු - හලංගොඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.