Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ගැන තීරණය සිකුරාදා

19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ගැන තීරණය සිකුරාදා

යොහාන් භාසුර - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි ලබන නොවැම්බර් මස ආරම්භ කරනවාද නැද්ද යන තීරණය ලබන සිකුරාදා ගැනීමට නියමිත බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වස්තුහේවා මහතා ඊයේ (6 වැනිදා) පස්වරුවේ පැවසීය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ ලිපි පෙරේදා (5 වැනිදා) පාසල්වලට තැපෑලෙන් යොමු කිරීමට සූදානම් කර තිබුණ ද එය තාවකාලිකව අත්හිටුවා තිබේ.

“මෙවර වයස 19 න් පහළ තරගාවලිය ලබන නොවැම්බර් මස 16 වැනිදා ආරම්භ කරන්න අපි සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. නමුත් දැන් තියෙන තත්ත්වය හමුවේ තරගාවලිය සංවිධානය කිරීමේ ගැටලු ඇතිවෙන්න පුළුවන්..........ඒ නිසා අපි කණ්ඩායම් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන් තීරණය කළා. පාසල් වහලා තියෙන නිසා දරුවන් පාසලට ගෙන්නන්න බෑනේ. එය ප්‍රධාන ගැටලුවක්” යයිද තිලක් වස්තුහේවා මහතා පැවසීය.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් මෙම වසරේ වයස 19 න් පහළ තරගාවලිය ද (2019 - 2020) අතරමඟ අත්හිටුවීමට සිදුවිය.  


අදහස් (0)

19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ගැන තීරණය සිකුරාදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.