Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ කණ්ඩායමට විදේශීය පුහුණුකරුවෙක්

19 න් පහළ කණ්ඩායමට විදේශීය පුහුණුකරුවෙක්

යොහාන් භාසුර - 2020 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට විදේශ පුහුණුකරුවකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියි. ප්‍රධාන පුහුණුකරු මෙන්ම වයස 19 න් කණ්ඩායමේ සෙසු කාර්ය මණ්ඩලයේ ද වෙනස්කම් රැසක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වසර 31 ක පමණ ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකා පුහුණුකරුවන් කටයුතු කළ අතර හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා මේ වන විට වයස 19 න් පහළ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල වසර කීපයක සිට කැපී පෙණෙන දස්කම් ප්‍රදර්ශනය නොකිරීමට පිළියමක් ලෙස විදේශ පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. විදේශ පුහුණුකරුවකු පත්කිරීමත් සමඟ හෂාන් තිලකරත්න මහතාගේ සේවය අවසන් කිරීමට නියමිතය.  

දකුණු අප්‍රිකාවේදී මෙම වසරේ මුල පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල කණ්ඩායම් 16 න් 10 වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා යොවුන් පිල 2018 වසරේදී නවවැනි ස්ථානයට පත්විය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ විදේශ පුහුණුකරුවන් දස දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව අවදානය යොමු කරන බවයි.

“එම පුහුණුකරුවන් පිළිබඳව අපි මේ වන විට අධ්‍යනය කරමින් ඉන්නවා. ඉන් වඩාත් ප්‍රතිඵලදායක පුහුණුකරු තෝරාගන්නවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
 
 


අදහස් (0)

19 න් පහළ කණ්ඩායමට විදේශීය පුහුණුකරුවෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.