Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2023 ගැන දැන්ම කියන්න බෑ

2023 ගැන දැන්ම කියන්න බෑ

editorial - 2021 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලානය එංගලන්තයට දිනා දුන් එංගලන්ත සීමිත  ඕවර කණ්ඩායමේ නායක ඔයින් ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියටත් කී‍්‍රඩා කිරීමේ අභිලාෂයෙන් පසුවෙයි. එහෙත් 2023 දී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට තමන් කී‍්‍රඩා කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් 35 හැවිරිදි එංගලන්ත නායකයා අවිනිශ්චිතාවකින් පසුවෙයි.

”ලබන අවුරුද්දේදීත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන්න පුළුවන් කියලා මට මේ අවස්ථාවේදී හිතෙනවා. බොහෝ විට ඒකේ වැදගත් කොටසක් කරන්න මට සිද්ධ වේවි”

”දැනට මගේ බලාපොරොත්තුව ඒකයි”
”ඒත් තවත් ලෝක කුසලාන තරගාවලි දෙකක් සම්බන්ධයෙන් නම් මට අනාවැකි කියන්න බෑ. මොකද තරග ප‍්‍රතිඵල තමයි අනාගතය තීරණය කරන්නේ” යයිද එංගලන්ත නායකයා බී.බී.සී. පුවත් සේවයට පවසා තිබේ.

ඔයින් මෝගන් එක්දින අන්තර්ජාතික තරග 243 කට කී‍්‍රඩා කර ඇති අතර ඔහු එංගලන්තය නියෝජනය කරමින් කී‍්‍රඩා කර ඇති විස්සයි-20 අන්තර්ජාතික තරග සංඛ්‍යාව 102 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඔයින් මෝගන් විසිනි. මෙම ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයේ පළමු තරගය පැවැත්වෙන්නේ පසුගිය වතාවේ විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කොදෙව් පිලට එරෙහිවය.

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය 2022 දී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වේ. මීළඟ එක්දින ලෝක කුසලාන තරගාවලිය 2023 දී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

 

- 213

 


අදහස් (0)

2023 ගැන දැන්ම කියන්න බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.