Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 4 ක් ගෙදර යන්න බෑ කියති

4 ක් ගෙදර යන්න බෑ කියති

editorial - 2022 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදී පසුගියදා නිමාවට පත් වූ යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයන් හතර දෙනෙක් ඔවුන්ගේ සෙසු සගයන් සමඟ නැවත ඇෆ්ගනිස්ථානයට ගොස් නැති බව වාර්තා වේ.

මෙම සාමාජිකයන් සිව්දෙනා මේ වනවිටත් එක්සත් රාජධානියේ රැඳී සිටින බවට දැනගන්නට ඇති අතර එක් ක්‍රීඩකයෙකු සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වේ. ඔවුන්ගේ සංක්‍රමණ වීසා බලපත්‍ර ඊයේ (8 වැනිදා) අවසන් වීමට නියමිතව තිබුණි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මෙම සිදුවීම පිළිබඳව නිල ප්‍රකාශයක් කර නොමැත.

පසුගිය වරට වඩා මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථකත්වයට පත්වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ස්ථාන තුනක් ඉහළට පැමිණෙමින් සිව්වැනි ස්ථානයට පත් විය. අවසන් පූර්ව තරඟයේදී ද කරට කර සටනක නිරත වෙමින් එංගලන්තය පරාජය කිරීමට පවා ආසන්න වූ නමුත් වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරඟය ලකුණු 15 කින් පරාජයට පත් විය.

ඔවුන්ගේ ආකර්ෂණීය ක්‍රීඩා විලාශය හේතුවෙන් ඇෆ්ගන් කණ්ඩායම බොහෝ පැසසුම් ලබා ගත් අතර, මෙම සිදුවීම හේතුවෙන් ප්‍රශ්න රාශියක් මතු වී තිබේ.

“වයස 19 න් පහළ ක්‍රීඩකයා සහ සහයක කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනා සරණාගතභාවය පතා බි්‍රතාන්‍ය අගනුවර වන ලන්ඩනයට පලා ගොස් ඇති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර ඇත” යැයි ඇෆ්ගනිස්තාන ප්‍රවෘත්ති වාර්තාවක දැක්වේ.

නැවත සිතා බලා නැවත තම මව් රටට යන ලෙස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩක රයීස් අහ්මඩ්සායි මහතා ඔවුන් සිවුදෙනාගෙන් ඉල්ලා තිබේ. ඔවුන් සිව් දෙනාටම පණිවිඩ යවා ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු පිළිතුරු නොදුන් බව අහමඩ්සායි මහතා පැවසීය.


- 2079

 


අදහස් (0)

4 ක් ගෙදර යන්න බෑ කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.