Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දැනට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග තුනක් ම කල්දැමීමට සිදුවී තිබේ. මෙම තරග තුනම 8 වැනිදා (සිකුරාදා) පැවැත්වීමට නියමිත අතර ඒවායින් එකක් සිව්දින තරගයකි.
එස්.එස්.සී. සහ පොලිස් ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන අන්තර් සමාජයීය පළමු පෙළ තරගාවලියේ අවසන් මහ තරගය හෙට (බ්‍රහස්පතින්දා) ආරම්භ වීමට නියමිතව තිබුණද එය 8 වැනිදා ආරම්භ කෙරේ. කලින් එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කරන ලද මෙම තරගය එන්.සී.සී. පිටියට ගෙනැවිත් ඇත්තේ අවසන් මහ තරගය සඳහා එස්.එස්.සී. කණ්ඩායම සුදුසුකම් ලබාගත් බැවිනි. සිව්දින පළමු පෙළ තරගයක් වන මෙම තරගය 11 වැනිදා (සඳුදා) දක්වා පැවැත්වෙයි.
සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ‘බී’ තලයේ එක්දින සීමිත ඕවර අවසන් මහ තරගය දෙසැම්බර් 8 වැනිදාට කල්දමා තිබේ. එහෙත් මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය එස්.එස්.සී ක්‍රීඩා සමාජ පිටිය ලෙසින් වෙනස් කර ඇත.
යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ (කාන්තා) එක්දින සීමිත ඕවර අවසන් මහ තරගයත් 8 වැනිදා පැවැත්වෙයි. මෙම තරගය කොළඹ 5 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.