Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 96 අවසන් තරගය අයි නාළිකාවෙන්

96 අවසන් තරගය අයි නාළිකාවෙන්

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක්  ‘අයි නාළිකාව’ ඔස්සේ, හෙට (18 වැනිදා) විකාශය කිරීමට නියමිතය.

හෙට පස්වරු 3.00 සිට 4.30 දක්වා ක්‍රීඩකයන් සුහද කතාබහකට එක්වන අතර 4.30 ට තරගයේ නැවත විකාශය ආරම්භ වේ. ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් නැවත විකාශය කෙරෙන මෙම තරගයේ එකම පන්දුවක් හෝ අඩු නැතිව,  අර්ජුණ රණතුංග විසින් එවක පකිස්තානු අගමැති පදවිය හෙබවූ බෙනාසීර් භූතෝ මහත්මිය අතින් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන ලබාගන්නා ඓතිහාසික මොහොත දක්වා සම්පූර්ණ තරගයම යළි දැකගැනීමේ අවස්ථාව මෙහිදී ක්‍රිකට් ලෝලීන්ට උදාවනු ඇත.

 

- 213

 


අදහස් (0)

96 අවසන් තරගය අයි නාළිකාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.