Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket I කොටසින් කණ්ඩායම් 84 ක් තරග බිමට

I කොටසින් කණ්ඩායම් 84 ක් තරග බිමට

editorial - 2024 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ අටියෙන් කණ්ඩායම් 84 ක් තරග බිමට පිවිස සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 14ක් යටතේ පැවැත්වෙයි.

පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, පළමු වටයේදී දස්කම් දක්වන කණ්ඩායම් 32ක් පිළිමළුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වෙන දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත. 

පළමු වටයේ තරග මැයි මස 30 දින හෝ ඊට පෙර ආරම්භ කළ යුතුවන අතර ජුනි 19 වැනි දිනෙන් නිමාකළ යුතුව තිබේ. තරගාවලියේ දෙවැනි වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග ජුනි මස 26 දිනෙන් ආරම්භ වනු ඇත.

පසුගිය තරගවාරයේදී කොළඹ රාජකීය විද්‍යාලය ශූරතාව දිනාගත්තේය. කොළඹ ඉසිපතන විද්‍යාලයට අනු ශූරතාව හිමිවිය. 

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය මෙවර තරගවාරයේදී පළමු කොටසේ තරගාවලියට උසස්වීම් ලබා සිටිති.


ඒ කාණ්ඩය - 
මෝදර ද ලා සාල් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ අසෝක විද්‍යාලය

බී කාණ්ඩය - 
කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය

සී කාණ්ඩය - 
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, කැළණිය ශ්‍රී ධර්මලෝක විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ කේරි විද්‍යාලය

ඩී කාණ්ඩය - 
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය

ඊ කාණ්ඩය - 
මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය, ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද්  විද්‍යාලය

එෆ් කාණ්ඩය - 
කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය

ජී කාණ්ඩය - 
යක්කළ ශ්‍රී චන්ද්‍රජෝති මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද මහා විද්‍යාලය

එච් කාණ්ඩය - 
හලාවත ශාන්ත මේරි විද්‍යාලය, සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය සහ  පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලය

ජේ කාණ්ඩය - 
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, මොරටු විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කළුතර විද්‍යාලය

කේ කාණ්ඩය - 
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මීපාවල අමරසූරිය විද්‍යාලය  

එල් කාණ්ඩය - 
දෙබරවැව ජාතික පාසල, මාතර රාහුල විද්‍යාලය, අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

එම් කාණ්ඩය -
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය

එන් කාණ්ඩය - 
කෑගලු විද්‍යාලය, රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය 

පී කාණ්ඩය - 
බලපිටිය රේවත විද්‍යාලය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය,  රත්ගම දේවපතිරාජ විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, කළුතර සිරිකුරුස විද්‍යාලය

 


අදහස් (0)

I කොටසින් කණ්ඩායම් 84 ක් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.