Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත කණ්ඩායම හමුවේ පාකිස්තානු පිල ඊයේ (26 වැනිදා) අත්කරගත් ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විස්තර කරමින් සිටියදී සහාය නිවේදකයකු සමගින් ඇතිවූ වචන හුවමාරුවක් නිසා පාකිස්තානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂොයිබ් අක්තාර් පාකිස්තානු රූපවාහිනිය අතහැර ගොස් තිබේ. සිද්ධිය වන විට ෂොයිබ් අක්තාර් පාකිස්තානු රූපවාහිනී සේවයේ විශේෂඥ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
ෂොයිබ් අක්තාර් පවසන පරිදි පාකිස්තානයේ නවතම සොයාගැනීම් වන ශහීන් ෂා අෆ්රීඩි සහ හාරිස් රවුෆ් දෙදෙනා හඳුනා ගැනීමේ ගෞරවය අත්වෙන්නේ ලාහෝර් කොලැන්ඩර්ස් කණ්ඩායමටයි. ලාහේර් කොලැන්ඩර්ස් යනු පාකිස්තානු සුපිරි ලීග් තරගාවලියේ කණ්ඩායමකි. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩසටහනේ ප‍්‍රධාන නිවේදකයා වූ නවුමන් නියාස් මහතා එකඟ වී නැත.
”ඔබ තරමක් අකාරුණිකයි. මා මේ ගැන කියන්න කැමති නෑ. ඒත් ගුවන් කාලයේදී වුණත් මට ඒක කියන්න වෙනවා” යයි නිවේදක නවුමන් නියාස් මහතා පවසා තිබේ.
කි‍්‍රකට් ලෝකයේ හිටපු දැවැන්තයන් දෙදෙනකු වන ඬේවිඞ් ගවර් (එංගලන්තයේ හිටපු නායකයා) සහ ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය පිලේ හිටපු නායකයා) සමගින් විස්තර විචාරයේ යෙදෙමින් සිටි ෂොයිබ් අක්තාර් කීවේ තමන්ට තවදුරටත් පාකිස්තානු රූපවාහිනිය සමගින් වැඩකළ නොහැකි බවයි.
”මට සමාවෙන්න... මට සමාවෙන්න..” යයි කී ෂොයිබ් අක්තාර්...
”පාකිස්තානු රූපවාහිනී සේවයෙන් මා ඉවත්වෙනවා. ජාතික රූපවාහිනිය මට සැලකූ ආකාරය නිසා මා මේ පුටුවේ තවදුරටත් සිටිය යුතු යයි මා හිතන්නේ නෑ” කියමින් සිය අසුනින් නැඟිට ගියේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.