Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සත්කාරකයන් වන ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයත්, ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ඉන්දියාව සහ වසර 23 ක සිට ලෝක කුසලාන හඹා යන දකුණු අපි‍්‍රකාවත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා සිටිති.
පළමු අවසන් පූර්ව තරගය, දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී අගහරුවාදා (24 වැනිදා) පැවැත්වෙයි.
මෙම තරගය අතිශයින් තියුණු තරගයක් විය හැක්කේ දෙපිලම තම තමන්ගේ ප‍්‍රතිවාදීන් සමග පමණක් නොව තම තමන්ගේ අතීත වාර්තාව සමගද තරග වැද සිටින හෙයිනි.
ලෝක කුසලාන තරග ආරම්භ වූ 1975 සිටම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් නවසීලන්ත පිල මෙවර අවසන් පූර්ව වටයට සුදුසුම් ලබාගත්තේ හත්වැනි වතාවටය. පසුගිය හය වතාවේදීම ඔවුන්ට අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යා නොහැකි වූයේ දෙවතාවක්ම ශී‍්‍ර ලංකා පිල හරස්වීම නිසාය.
2007 දී ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා උද්‍යාන පිටියේදී මහේල ජයවර්ධන කල් යල් බලා ලබාගත් අති විශිෂ්ට ශතකයත්, 2011 දී කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස් කළ නිර්භීත පිතිහරඹයත් නිසා නවසීලන්ත පිලට අවසන් මහ තරගයට පිවිසීමේ දොරටු වැසී ගියේය. එහෙත් උත්සාහය අත් නොහළ කිවි කී‍්‍රඩකයෝ නැවත වතාවක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. හත්වැනි වතාවේදී තමන් අසීරුතාවකට පත් නොවනු පිණිස, කොදෙව් පිල හමුවේ පන්දු 163 කදී නොදැවී ලකුණු 237 ක් ලබාගත් මාටින් ගප්ටිල්, ලකුණු 393 ක් කරා නවසීලන්ත පිල කැඳවාගෙන ගියේය.
”එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ඉතිහාසයේදී නවසීලන්ත කී‍්‍රඩකයකු විසින් කරන ලද විශිෂ්ටතම පිතිහරඹය එයයි” යයි අර්ධ අවසන් පූර්ව තරගයෙන් පසුව නවසීලන්ත පිලේ හිටපු නායකයකු වන ස්ටීවන් ෆ්ලෙමින් පවසා තිබිණ.
ගප්ටිල්ගේ මෙම ඉනිම නවසීලන්ත පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 189 වත් අභිබවා යාමකි. එය වසර දෙකකට ඉහතදී ගප්ටිල් විසින්ම එංගලන්තයට එරෙහිව ලබාගත්තකි. එපමණක් නොව. ලෝක කුසලාන ඉතාහාසයේ නවසීලන්තය සහභාගි වූ පළමු තරගයේදීම ග්ලෙන් ටර්න්ර් විසින් නැගෙනහිර අපි‍්‍රකාවට එරෙහිව ලබාගත් ලකුණු 171 ද ඉක්මවා යාමකි.
ගප්ටිල්ගේ මෙම ඉනිමෙන් තවත් කරුණක් පැහැදිළිය. එනම් නවසීලන්ත ජයග‍්‍රහණ රඳාපවතින්නේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මත පමණක් නොවන බවයි. අවශ්‍ය අවස්ථාවකදී ටිම් සවුතී වුවද පිතිකරුවන්ගේ ලකුණු සාදයට එක්වීමට සූදානම්ය.
අනෙක් අන්තයෙන් අර්ධ අවසන් පූර්ව තරගය පිවිස සිටින දකුණු අපි‍්‍රකානුවන් පසුගිය බදාදා ශී‍්‍ර ලංකා පිල පරාජය කරමින්, වසර 23 ක සිට පවතින අපලය ගෙවා දමමින්, යන්තම් පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු කඩුල්ල පැන්නා පමණි.
නවසීලන්තය වසර 40 ක සිටත්, දකුණු අපි‍්‍රකාව වසර 23 ක සිටත් ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රබල සටන්කාමීන් වන නමුත් තවමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා නැත. මෙම තත්ත්වය අනුව 24 වැනිදා නවසීලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන තරගය අතිශයින් තියුණු සටනක් බවට පත්වනු නිසැකය.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ සිවු වතාවක්ම (1987, 1999, 2003 සහ 2007) ලෝක කුසලාන දිනාගත් ඕස්ටේ‍්‍රලියාවත් දෙවතාවක්ම (1983 සහ 2011) ලෝක ශූරතාව දිනාගත් ඉන්දියාවත්ය. මෙම කණ්ඩායම් දෙකම මීට මාස එකහමාරකට පමණ ඕස්ටේ‍්‍රලියාවේදී දිගින් දිගටම පැවැති එක්දින තරග වැලකටම සහභාගි වීම හේතුවෙන් දෙපිලම දෙපිලේ හැකි නොහැකියාවන් හොඳින්ම හඳුනති.
වසර 28 කට පසුව, 2011 දී, දිනාගන්නා ලද ලෝක කුසලානය රැකගැනීමට ඉන්දියාව උපරිම උත්සාහය ගනී. එහෙත් කි‍්‍රකට් පමණක් නොව, තවත් දහසකුත් එකක් කී‍්‍රඩා ඇති ඕස්ටේ‍්‍රලියාවේදීම ඕස්ටේ‍්‍රලියානුවන්ට ලෝක කුසලාන දිනාගත හැකි නම් එය ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කරනු ලබන හොඳම ආයෝජනද වෙයි.
එබැවින් ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ මස 26 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයද ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇති බව කිවයුතු නොවේ.
දැන් උදාවී ඇත්තේ තරගාවලියේ තියුණුතම කොටසයි. එදෙස බලා සිටීම මිස අනාවැකි පළ කිරීම අවදානම්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.