Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අධ්‍යාපන අමාත්‍යාංශය - සබරගමුව සරසවිය අවසන් තරගයට සුදුසුකම් ලබයි

අධ්‍යාපන අමාත්‍යාංශය - සබරගමුව සරසවිය අවසන් තරගයට සුදුසුකම් ලබයි

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා ‘එෆ්’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සමත්ව සිටිති.

අවසන් පූර්ව වටයේදී රේගු දෙපාර්තමේන්තු ‘බී’ පිල කඩුලු‍ 10කින් පරදවමින් අධ්‍යාපන අමාත්‍යාංශය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

එම තරගයේදී අධ්‍යාපන අමාත්‍යාංශ පිල වෙනුවෙන්  පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ දකුණත් පිට දඟ පන්දු යවන විරාජ් ද සිල්වා පන්දුවාර 8 ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමගින් ලකුණු 17කට කඩුලු‍ 8ක් දවාලීය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු ‘බී’ පිල ලකුණු 28කින් පරදවමින් සබරගමුව විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

 

අවසන් පූර්ව තරග ප්‍රතිඵල
අධ්‍යාපන අමාත්‍යාංශ පිලට කඩුලු‍ 10ක ජයක්.
රේගු දෙපාර්තමේන්තු ‘බී’ කණ්ඩායම - ඕවර 23.3 කදී සියලු‍ දෙනා දැවී 34 යි
(විරාජ් ද සිල්වා 17/8)
 
අධ්‍යාපන අමාත්‍යාංශය - ඕවර 4.3 කදී කිසිවකු නොදැවී 35 යි
(ඉෂාර දෙව්නිත නොදැවී 23)
 
සබරගමුව විශ්ව විද්‍යාලයට ලකුණු 28ක ජයක්.
සබරගමුව විශ්ව විද්‍යාලය -ඕවර 40 කදී කඩුලු‍ 7 ට 215 යි  
(කණිෂ්ක රාජමන්ත්‍රී නොදැවී 51, කුෂාන් හේමචන්ද්‍ර 49, සංජීව රොෂාන් 33, ශෂික මධුසංක 22, ජයන්ත බණ්ඩාර 21/3, ධනුෂ්ක විජයවර්ධන 60/2)
 
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ‘බී’ කණ්ඩායම - ඕවර 40 කදී කඩුලු‍ 8 ට 187 යි  
(අංජන අමරසිංහ නොදැවී 56, විපුල ප්‍රදීප් 28, චතුර බස්නායක 23, තුසිත ප්‍රභාත් නොදැවී 20, කණිෂ්ක රාජමන්ත්‍රී 26/2, තමීර එරංග 34/2)

අදහස් (0)

අධ්‍යාපන අමාත්‍යාංශය - සබරගමුව සරසවිය අවසන් තරගයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.