Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ ක්‍රිකට් හෙට සිට

අන්තර් සමාජ ක්‍රිකට් හෙට සිට

editorial - 2021 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රට පුරා සීඝ්‍රයෙන් පැතිරයාම නිසා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැණවීම හේතුවෙන් සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ වීමට නියමිත තිබූ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය දින නියමක් නොමැතිව කල් ගියේය. ඉන් පසුව පසුගිය 20 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද ක්‍රීඩකයන්ට තවදුරටත් පුහුණුවීම් වල යෙදීම සඳහා තවත් සතියකින් තරගාවලිය කල් දැමීය.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන කමිටුවේ යෝජනාවක් මත මෙතෙන් පැවැති ‘ඒ’ ශ්‍රේණියේ සහ ‘බී’ ශ්‍රේණියේ තරගාවලි දෙක, එකම තරගාවලියක් බවට පත්කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ අවසරය හිමිවූ අතර පසුගිය අගෝස්තු මාසයේ පැවැති අති විශේෂ මහසභා රැස්වීමකදී සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් එය සම්මත විය.

අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියේ මූලික වටයේ තරග ඔක්තෝබර් 27, 30, 31 සහ නොවැම්බර් 3, 6, 7, 10, 13, 14, 17, 20, 21, 24 යන දින 13 කදී පැවැත්වීමට නියමිතව ඇත. අවසන් පූර්ව තරග නොවැම්බර් 26 වැනිදාත්, අවසන් මහ තරගය නොවැම්බර් 28 වැනිදාත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

සීමිත ඕවර (ඕවර 50) තරගාවලියේ කාණ්ඩ දෙක සඳහා ක්‍රීඩා සමාජ බෙදී ඇති ආකාරය

හෙට පැවැත්වෙන තරග

යුද හමුදාව සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

බදුරලිය සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

මූවර්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

නාවික හමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීි

එස්.එස්.සී සහ පොලිස් කණ්ඩායම අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල යොවුන් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඞ් සහ පානදුර කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී සහ බී.ආර්.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් සහ ගාල්ල කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

අන්තර් සමාජ ක්‍රිකට් හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.