Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ කාන්තා කි‍්‍රකට් තරගාවලිය අද සිට

අන්තර් සමාජ කාන්තා කි‍්‍රකට් තරගාවලිය අද සිට

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා කි‍්‍රකට් සීමිත ඕවර තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් අද (23 වැනිදා) ආරම්භ වේ. 

යුද හමුදා ‘ඒ’, ගුවන් හමුදා ‘ඒ’, නාවික හමුදා, ගුවන් හමුදා ‘බී’, යුද හමුදා ‘බී’, කෝල්ට්ස් කී‍්‍රඩා සමාජ, සීනිගම කී‍්‍රඩා සමාජ සහ හලාවත මේරියන්ස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම් 8 හි සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වේ. 

අද ආරම්භවන තරගාවලියේ සෙසු තරග මෙම මස 30 වැනිදා, අපේ‍්‍රල් මස 5 වැනිදා, 7 වැනිදා, 9 වැනිදා, 11 වැනිදා සහ 19 වැනිදා යන දිනවලදී පැවැත්වේ. එහිදී සෑම දිනකම තරග 4 බැගින් පැවැත්වේ. 

ලීග් ක‍්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 7 සමගින් තරග 7 කට කී‍්‍රඩා කිරීමට නියමිතය. මූලික වටය අවසනයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

-036


අදහස් (0)

අන්තර් සමාජ කාන්තා කි‍්‍රකට් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.