Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුරාධපුර ක්‍රිකට් සංගම් මහසභා රැස්වීම කල්යයි

අනුරාධපුර ක්‍රිකට් සංගම් මහසභා රැස්වීම කල්යයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට නව නිලධාරින් පත්කර ගැනිම  සදහා පසුගිය සෙනසුරදා (16 වැනිද) පැවැත්විමට නියමිතව තිබු නිලවරණය දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය විය.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 2019/2020 වාර්ෂික මහා සභා රැස්විම හා නිලවරණය එදින පෙ.ව.10.30 ට අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන බවත් ඊට සහභාගි වන ලෙස  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගම්වල නියෝජිතියන්ට අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ  රොෂාන් රණතුංග මහතා විසින් ලිඛිතව දන්වා තිබුණි.

එසේ වුවත් ලේකම් රෝෂාන් රනතුංග මහතා විසින් යවන ලද එකි ලිපියේ දිනයක් සඳහන් නොකිරිම නිසා මහා සභා රැස්වීමක් සහ නිලවරණයක් පැවැත්විම නිත්‍යානුකුල නොවන බවට සමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට්  ආයතනයට පැමිණිලි කර තිබිණ. පසුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් මහ සභා රැස්විම සහ නිලවරණය කල් දැමිමට කටයුතු කරන ලෙස 14 දිනැති ලිපියෙන් දන්වා තිබේ.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා විසින් කරන ලද දැනුම් දීම මත සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු ක්‍රිකට් සංගම් 10 ක ලේකම්වරු සහ සාමාජිකයයෝ කිහිප දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රිඩාංගනයයේදී පසුගිය සෙනසුරාදා පැවති රැස්විමට පැමිණ සිටියහ. එහෙත් ලිපිය යැවූ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් රොෂාන් රණතුංග මහතා සහභාගි නොවුණි.

පසුව පැවැති රැස්වීමේදී අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය කල් දැමිමට හේතුවු කරැණු පිළිබදව පැහැදිලි කරමින් සභාපති ඉන්දික අරැණ කුමාර මහතා මෙසේ පැවසිය.

“අද(16) දින අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මහ සභා රැස්විම සහ නිලවරණය පැවැත්විමට නියමිතව තිබුණා. ශ්‍රි ලංකා ක්‍රිකට් ආතනයේ ලේකම් වරයා ලිඛිතව දන්වලා තිබෙනවා නිලවරණය පවත්වන්න එපා කියලා”

“ක්‍රිකට් සංගම් 13 න් ක්‍රිකට් සංගම් 10 ක් අද මෙම ස්ථානයට පැමින සිටිනවා. ඒ අනුව අද(16)දින මහ සභාව හා නිලවරණය පවත්වන්නේ නැහැ. මෙම නිලවරණයෙන් ජයග්‍රහණය කිරිමට නොහැකි නිලධාරින් හා පුද්ගලයන් විසින් මෙම තත්වය නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරනවා”

“අද මෙම නිලවරණය නොපැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නොමග යවලද කියන සැකකයක් අපට තිබෙනවා. අද අපේ සංගමයේ ලේකම්වරයා මෙම ස්ථානයට පැමින නැහැ. මෙම මහ සභා රැස්විම සහ නිලවරණය කල් දැමිමට හේතුව ලෙස ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සදහන් කරන්නේ කැදවිමේ ලිපියේ දිනයක් සදහන් නොකිරිම නිසා බවයි. මේකෙන් පෙනෙන්නේ ලේකම්වරයාගේ අදුදර්ශි ක්‍රියා පිලිවෙත කියලයි හිතෙන්නේ.”

ඉදිරි සතියේ විධායක සභාව කැදවලා මහා සභා රැස්විමටයි නිලවරණයටයි දින නියම කර ගැනිමට කටයුතු කරන බවද ඉන්දික අරැණ කුමාර මහතා මෙහිදි පැවසිය.

අනතුරැව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන නිහාල් ලෙව්කේ සහ වත්මන් විධායක කමිටු සාමාජික මනෝජ් විජේසිංහ යන මහත්වරැ ඇතුළු ක්‍රිකට් සංගම් ලේකම්වරැන් ගේ සභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

මෙහිදි මාධ්‍යට අදහස් දක්වමින් නිහාල් ලෙව්කේ මහතා මෙසේ පැවසීය.

“අපේ ව්‍යවස්ථාව අනුව නිලවරණය සදහා දින 21 කලින් සාමාජිකයන්ට දැණුම් දිමක් කල යුතුයි. එහෙත් ඒක දැන ගන්න ලේකම්තුමා කැඳවිමේ ලිපියේ දිනයක් සදහන් කර තිබුනේ නැහැ”

“බරපතල අපරාධයක් කළා මේ තුලින් ක්‍රිකට් සංගමයට. ඒ අනුව තමයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය කල් දැමිමට තිරණය කොට තිබෙන්නේ. අපේ බලාපොරොත්තුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ආශිර්වාදයත් එක්ක නිලවරණය පවත්වා ඔවුන් සමග කටයුතු කිරිමයි” යැයිද නිහාල් ලෙව්කේ මහතා පැවසිය.

“මෙම මහා සභා රැස්විම සහ නිලවරණය කැඳවපු ලේකම්වරයාවත් අද මේ ස්ථානයට පැමිණ නැහැ. ඒ වාගේම සංගමයේ ප්‍රධාන නිලධාරින් කිහිප දෙනෙකුත් මෙම ස්ථානයට අද පැමිණියේ නැහැ. ඒ නිසා අපි සිතන්නේ මෙම පුද්ගලයන් මහ සභා රැස්විම සහ නිලවරණය කඩා කප්පල් කිරිමට කටයුතු කළා” යයි මෙහිදි අදහස් දක්වමින් වනෝජ් විජේසිංහ මහතා පැවසිය.

 


අදහස් (0)

අනුරාධපුර ක්‍රිකට් සංගම් මහසභා රැස්වීම කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.