Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ආරම්භක පිතිකරු අබීඞ් අලී තදබල හෘද රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු කියති.
අඟහරුවාදා (21 වැනිදා) පැවැති පළමු පෙළ තරගයකදී පපුවේ වේදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි කළ අබීඞ් අලී පසුව රෝහල්ගත කරන ලදි. එහිදී කරන ලද පරීක්‍ෂණ වලින් අනතුරුව, අබීඞ් අලීට, තදබල හෘදයාබාධයක් පවතින බව හෙළිදරව් වී තිබේ.
තදබල හෘදයාබාධයක ප්‍රධාන ලක්‍ෂණය වන්නේ හදිසියේම හෘදයට රුධිරය සැපයීම අවහිර වීම නැතහොත් අඩාළ වීමයි.
“පපුවේ වේදනාව සම්බන්ධයෙන් පැමිණිළි කළ වහාම ඔහුව හෘද රෝග වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලකට ඇතුළත් කරනු ලැබුවා... ඔහු මේ වන විට හෘද රෝග විශේෂඥයන්ගේ විමර්ශන යටතේ සිටිනවා”
“මෙම විශේෂඥ වෛද්‍යවරු පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටිනවා. කෙහොම වෙතත් අබීඞ් අලීගේ තත්ත්වය බරපතළ නෑ” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයකින් කියැවේ.
මේ වන විට 34 වැනි වියේ පසුවන ආරම්භක පිතිකරුවා, පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 16 කට සහ එක්දින තරග 6 කට ක්‍රීඩා කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.