Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අම්ලා - ඩිවිලියස් දකුණු අපි‍්‍රකාව ඔසවා තබති

අම්ලා - ඩිවිලියස් දකුණු අපි‍්‍රකාව ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අපි‍්‍රකාව කඩුලූ 3 ක් දැවී ලකුණු 340 ක් ලබා සිටියේය. 

මෙම තරගය දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන්හි ‘සුපර් ස්පෝර්ට් පාර්ක්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. 

තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි හෂීම් අම්ලා හතරේ පහර 17 ක් සමගින් ලකුණු 133 ක් ලබා සිටි අතර ඒ. බී. ඩිවිලියස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 144 ලබා සිටියේය. 

අම්ලා සහ ඩිවිලියස් කම කණ්ඩයමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 283 කි. මෙය ඩිවිලයස්ගේ 20 වැනි ටෙස්ට් ශතකය වන අතර අම්ලාගේ 23 වැනි ශතකය වේ. 

දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධයක් ගොඩනැගීමට ඇල්විරෝ පීටර්සන් (27) සහ ඞීන් එල්ගර් (28) සමත් වූහ. 
ඇල්විරෝ පීටර්සන් දවාගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමූ කේමර් රෝච්, ඉන් පසුව පන්දුවට පහරදීමට පැමිණි ෆෆ් ඩුප්ලෙසීවද ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. 

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කළේය. 

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම - කඩුලූ 3 ක් දැවී 340
(ඇල්විරෝ පීටර්සන් 27, ඞීන් එල්ගර් 28, හෂීම් අම්ලා නොදැවී 133, ඒ. බී. ඩිවිලියස් නොදැවී 144, කේමර් රෝච් 52/2)

-036 


අදහස් (0)

අම්ලා - ඩිවිලියස් දකුණු අපි‍්‍රකාව ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.