Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්තය - අරාබිය ලෝක කුසලාන තරගාවලියට

අයර්ලන්තය - අරාබිය ලෝක කුසලාන තරගාවලියට

editorial - 2022 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර අවසානයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට අයර්ලන්තය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය සමත්ව සිටිති.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව තරග වලදී නේපාලයට එරෙහිව ලකුණු 68 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබී එමීර් රාජ්‍යය සමත් විය.

සත්කාරක ඕමානයට එරෙහිව ලකුණු 56 ක ජයක් ලබාගැනීමට අයර්ලන්තය සමත් විය.

ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ අවසන් තරගයට අයර්ලන්තය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය සුදුසුකම් ලබාගත්තේය. නමුත් අයර්ලන්තය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇති බැවින් අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් එය මෙම කණ්ඩායම් දෙකටම බලනොපානු ඇත.

මේ වනවිට කණ්ඩායම් 14 ක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර තවත් කණ්ඩායම් දෙකකට තරගාවලියට එක්වීමේ අවස්ථාව ඇත.

ලබන ජූලි මාසයේ සිම්බාබ්වේහිදී ‘බී’ කාණ්ඩය යටතේ පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් එම කණ්ඩායම් දෙක තෝරාගනු ලැබේ. එම ස්ථාන දෙක සඳහා හොංකොං, නිව් ජර්සි, නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව, උගන්ඩාව, ඇමෙරිකාව සහ සත්කාරක සිම්බාබ්වේ යන කණ්ඩායම් තරග කරනු ඇත.


- 2079

 


අදහස් (0)

අයර්ලන්තය - අරාබිය ලෝක කුසලාන තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.