Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 16 වැනි තරගය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ අයර්ලන්තය අතර බි‍්‍රස්බේන්හිදී අද (25) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් (දිවා/රාත‍්‍රී) අයර්ලන්තය කඩුලූ 2 ක ජයක් ලැබීය.
මෙම ජයග‍්‍රහණයත් සමග අයර්ලන්තය ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.
ගානි විල්සන් පන්දු 69 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් ද, කෙවින් ඕබ‍්‍රයන් පන්දු 25 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 50 ක් ද, ගස්කරමින් අයර්ලන්තය ජයග‍්‍රහණය දක්වා රැගෙන ආහ.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලේ ගැලවුම්කරු බවට පත්වෙමින් ශයිමන් අන්වර් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 106 ක් රැස් කිරීමට සමත් විය.
එක්සත් අරාබි පිල ලකුණු 131 කට කඩුලූ 6 ක් බිද වැටී සිටියදී ශයිමන් අන්වර් (106) සහ අම්ජාඞ් ජාවිඞ් (42) හත්වැනි කඩුල්ලට පන්දු 71 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් පවත්වමින් අනපේක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ක‍්‍රීඩකයකු වන ලෝක කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි පිල නියෝජනය කරන ඇන්ඩි බෙරෙන්ජ පන්දු 25 කදී හතරේ පහරක් සමගින් ලකුණු 13 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
අයර්ලන්ත නායක විලියම් පෝටර්ෆීල්ඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 278 (අම්ජාඞ් අලී 45, ඇන්ඩි බෙරෙන්ජ 13, කුරාම් ඛාන් 36, ශයිමන් අන්වර් 106, අම්ජාඞ් ජාවිඞ් 42, මොහොමඞ් නවීඞ් 13, මැක්ස් සොරින්සෙන් 60/2, ඇලෙක්ස් කුසැක් 54/2, පෝල් ස්ටි‍්‍රලින් 27/2, කෙවින් ඕබ‍්‍රයින් 61/2)
අයර්ලන්ත පිල ඕවර 49.2 කදී කඩුලූ 8 ට 279 (විලියම් පෝටර්ෆීල්ඞ් 37, එඞ් ජෝයි 37, නීල් ඕබ‍්‍රයන් 17, ඇන්ඩි බල්බිරිනි 30, ගානි විල්සන් 80, කෙවින් ඕබ‍්‍රයන් 50, අම්ජාඞ් ජාවිඞ් 60/3, මොහොමඞ් නවීඞ් 65/2, මොහොමඞ් ටාකූර් 38/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.