Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලියට කාණ්ඩ 2 ක්

අයි.පී.එල්. තරගාවලියට කාණ්ඩ 2 ක්

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 2022 තරග වාරය සඳහා සහභාගිවන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට වෙන්කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් පසුගියදා වෙන්කරන ලදි.

එක් එක් කාණ්ඩ සඳහා අදාල කණ්ඩායම් තීරණය කරනු ලැබුවේ එම කණ්ඩායම් දිනාගත් ශූරතා සංඛ්‍යාව සහ අයි.පී.එල් අවසන් මහා තරගයට සහභාගී වූ සංඛ්‍යාව අනුව ය. එබැවින් ශූරතා පහක් දිනාගත් මුම්බායි ඉන්දියන්ස් සහ ශූරතා හතරක් දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් පළමුව කාණ්ඩ සඳහා වෙන් කරන ලදී.

ලීග් අදියරේදී සෑම කණ්ඩායමක්ම තරඟ 14 ක් ක්‍රීඩා කරනු ඇති අතර එහිදී ඔවුන් තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමඟ දෙවතාවක් ද, අනෙක් කාණ්ඩයේ සෑම කණ්ඩායකටම එරෙහිව එක් වරක් ද ක්‍රීඩා කරනු ඇත.

අයි.පී.එල් පාලක සභාවේ රැස්වීමෙන් පසුව තරඟාවලිය මාර්තු 26 වන දින ආරම්භ වේ. ලීග් අදියරේ තරග 55 ක් මුම්බායි හි ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වෙන අතර ඉතිරි තරග 15 පූනේහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් වටයේ තරග පැවැත්වෙන ස්ථාන පසුව තීරණය කරනු ඇත.

“අයි.පී.එල් තරගාවලිය මාර්තු 26 ආරම්භ වෙනවා, සම්පූර්ණ කාලසටහන ඉක්මනින් නිකුත් කරනවා. අපිටත් සෙනඟ ඉන්නවා. නමුත් මහාරාෂ්ට්‍ර රජයේ ප්‍රතිපත්තියට අනුව අපිට සෙනඟ ගෙන්නන්න බෑ. ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 25්‍ර ක් ද 50්‍ර ක් ද යන්න රජයේ උපදෙස් අනුව තීරණය කරනවා” යැයි අයි.පී.එල් සභාපති බි්‍රජේෂ් පතෙල් මහතා පැවසීය.


‘ඒ’ කාණ්ඩය
1) මුම්බායි ඉන්දියන්ස්
2) කොල්කටා නයිට් රයිඩර්ස්
3) රාජස්ථාන් රෝයල්ස්
4) දිල්ලි කැපිටල්ස්
5) ලක්නව් සුපර් ජයන්ට්


‘බී’ කාණ්ඩය
1) චෙන්නායි සුපර් කිංග්ස්
2) සන්රයිසස් හයිද්‍රාබාද්
3) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
4) පන්ජාබ් කිංග්ස්
5) ගුජරාට් ටයිටන්ස්

 - 2079


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියට කාණ්ඩ 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.