Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පිතිකරු ජේසන් රෝයි, දීර්ඝ කාලයක් තරඟාවලියේ ජෛව ආරක්ෂිත බුබුලේ රැඳී සිටීමේ කරදරය නිමා කරමින් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වී ඇත.
පසුගිය මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුගේ මූලික මිල වූ ඉන්දීය රුපියල් කෝටි 2ක් (ඇමෙරිකානු ඩොලර් 266,000) සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් අත්සන් කර තිබූ නමුත් රෝයි පසුගිය සතියේ තමාගේ ඉවත්වීමේ තීරණය කණ්ඩායම් කළමණාකාරීත්වය වෙත දැනුම්දී ඇත. මේ වනවිටත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ආදේශකයකු සොයමින් සිටින්නේය.
මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන රෝයි, පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කරමින් තරගාවලියේ ඉහළම ලකුණු ලාභී පිතිකරුවන් අතර රැඳී සිටියේය. ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියාද ඔහු වන්නේය. අර්ධ ශතක දෙකක් සහ ශතකයක් සමගින් ලකුණු 303 ක් ලබාගෙන ඇති රෝයිගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 50.50 ක් වන අතර ප්‍රහාරක වේගය 170.22 කි.
ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායමක් විසින් ඔහුව මිළදී ගැනීමෙන් පසුව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් රෝයි ඉවත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. 2020 වසරේදී ඉන්දීය රුපියල් කෝටී 1.5 කට දිල්ලි කැපිටල් පිල විසින් ඔහුව මිලදී ගැනීමෙන් පසුව පෞද්ගලික හේතූන් මත ඔහු තරගාවලියෙන් ඉවත් විය.
ජෛව ආරක්ෂිත බුබුලේ රැඳී සිටින්නේ නම් ඔහුට ඔහුගේ පවුලෙන් මෙන්ම පසුගිය ජනවාරී මාසයේ උපන් ඔහුගේ දෙවන දරුවාගෙන්ද මාස දෙකකට වැඩි කාලයක් ඈත්වී සිටීමට සිදුවනු ඇත. දීර්ඝ කාලයක් ජෛව ආරක්ෂිත බුබුලේ රැඳී සිටීමේ අපහසුතාවය හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වූ පළමු ක්‍රීඩකයා ජේසන් රෝයී නොවන්නේය.
මාර්තු 26 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරගාවලිය මැයි 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයෙන් අවසන් වේ.
ද්විපාර්ශ්වික තරඟාවලි සහ ලෝක කුසලාන තරඟ සඳහා විශේෂයෙන් මානසික යෝග්‍යතාව තබා ගැනීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් තරඟ වාර ආරම්භයට පෙර මෙන්ම තරඟාවලිය අතරතුරදී ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම පසුගිය අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත් වූහ.
අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ ජේසන් රෝයිව තෝරාගත් සිව්වැනි කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් වේ. මින් පෙර ගුජරාට් ලයන්ස් (2017), දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (2018) සහ සන්රයිසස් හයිද්‍රාබාද් (2021) කණ්ඩායම් නියෝජනය කර ඇත. ඔහු 2021 ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ නමුත් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් වෙනුවට ආදේශකයක් ලෙස තෝරා ගන්නා ලදී.
සමස්තයක් ලෙස අයි.පී.එල් තරඟ 13 කදී ලකුණු 329 ක් ලබාගෙන ඇත්තේ ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 29.90 ක් වන අතර ප්‍රහාරක වේගය 129.01 ක් වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.