Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීගයේ තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණවලට පැමිණීමට ඉඩ ලබා දෙන බව අයි.පී.එල්. සංවිධායකයෝ නිවේදනය කරති. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයෙන් 2022 අයි.පී.එල් තරගාවලිය මේ මස 26 වැනිදා සිට වැන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.
කෙසේ වෙතත් කොවිඩ්-19 නියමයන් හේතුවෙන් 25%ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණ තරග නැරඹීමට අවස්ථාව ලබාදෙනු ඇත.
“කොරෝනා වසංගතය හේතුවෙන් කෙටි විරාමයකින් පසු අපි.පී.එල්. තරගාවලිය නැරඹීමට ක්‍රීඩා ලෝලීන් නැවත ක්‍රීඩාංගනයට පිළිගන්නවා. එබැවින් මෙම තරඟය ඉතා වැදගත් අවස්ථාවක්. ක්‍රීඩා ලෝලීන් මහත් අපේක්ෂාවෙන් සිටි ක්‍රිකට් තරඟාවලියේදී ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩකයන් සඳහා ඔල්වරසන් දෙමින් තරඟ නැරඹීමට ප්‍රේක්‍ෂකයෝ සූදානම්ව සිටිති” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත.
මුම්බායි, නව මුම්බායි (මුම්බායි නරගරයේම නැගෙණහිර කොටසක්) සහ පූනේ යන නගරවලදී මෙවර අයි.පී.එල්. තරග පැවැත්වේ. එමෙන්ම වැන්කඩේ සහ ඩී.වයි. පටෙල් ක්‍රීඩාංගණයේ තරග 20ක් පැවැත්වීමට නියමිතය.
තරග 15 බැගින් මුම්බායි හි බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී සහ මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.