Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීම මේ වසරේ ජූලි 19 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ස්ථිර කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබූ තහනම පසුගිය ඉරිදා (28 වැනිදා) ඉවත් කිරීමත් සමගින් වාර්ෂික මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව තහවුරු වී තිබේ.
මෙම රැස්වීම ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම සාමාජික රටවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වෙති. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වත්මන් සාමාජික සංඛ්‍යාව 108 කි. ඔවුන් අතුරින් පූර්ණ සාමාජිකයන් 12 දෙනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතර සම සාමාජිකයෝ 96 කි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී තිබූ දේශපාලනික බලපැම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනම හේතුවෙන් මේ දිනවල දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.