Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සන්රයිසස් හයිඩ්‍රාබාද් පිලට එරෙහිව ඊයේ (29 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලේ නායක ශ්‍රියාස් අයියර්ට තරග තීරකවරයා විසින් දඩයක් පනවා ඇත. මෙම තරගයේ තරග තීරකවරයා ලෙස මනූ නායර් මහතා කටයුතු කළේය.
ඉන්දීය ප්‍රීමියර් ලීග්හි චර්යාධර්ම පද්ධතිය යටතේ දිල්ලි කැපිටල් පිල විසින් මෙම වාරයේ සිදු කරන ලද පළමු වරද මෙය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අයියර්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය.
අබුඩාබිහී වේලාවෙන් සවස 6 ට තරගය ආරම්භවූ අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවූ දිල්ලි කැපිටල්ස් පිලට ඕවර 20 අවසන් කිරීමට නියමිත වේලාවට වඩා තවත් විනාඩි 23 ක් ගතවිය.
මෙම තරගයේ පරාජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවු දිල්ලි පිල එක් ස්ථානයක් පහලට වැටීමත් සමගින් රාජස්ථාන් රෝයල්ස් පිල පෙරමුණ ගැනීමට සමත්විය. තරඟ තුනකින් ජයග්‍රහණ දෙකක් ලබා ඇති ඔවුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමඟ ඔක්තෝම්බර් 3 වනදා සාජා හිදී ක්‍රීඩා කරනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.