Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී අද (6) වැඩ බාරගත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා එහි පසුගිය සති දෙකක වියදම් වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රධාන ගණකාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.
එහිදී එම අවස්ථාවේ දී ක්‍රිකට් ආයතනයේ රැඳී සිටි ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළ රණතුංග මහතා අනතුරුව ක්‍රිකට් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට ද සහභාගී වීය.
එහිදී ඔහු පැවසුවේ තමා පැමිණියේ රටේ කඩා වැටී තිබෙන ක්‍රිකට් ගොඩ නැගීමට බවත් ඒ සඳහා තමන් හෙට දිනයේ සිට පිටියට බසින බවයි. නව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙසේ ද පැවසීය.
‘‘මම කරන්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදන එකයි. මූලස්ථානයේ පරිපාලනය කමිටු සාමාජික උපාලි ධර්මදාස මහතා බලා ගනීවි. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිකුත් කළ කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙන් අතුරු කමිටුවට සම්බන්ධවී සිටින විශ්‍රාමික විනිසුරුවන් විසින් බලා ගනීවි.
ඒ.සී. කාමරවල ඉඳගෙන ක්‍රිකට් හදන පුහුණුකරුවන් අපිට ඕනෙ නෑ. ඒ වගේම දේශීය පුහුණුකරුවන්ට වෙන හැන්දක් පාවිච්චි කරනවා නම් ඒක මම අනුමත කරන්නේ නෑ. මෙරට සේවය කරන විදේශීය පුහුණුකරුවන් ලබන වරප්‍රසාද දීමනා අපේ දේශීය පුහුණුකරුවන්ටත් ලැබිය යුතුයි.
මට මේ තනතුර ලැබුණේ රටේ ක්‍රිකට් හදන්නයි. ඒ නිසා එක එක්කෙනාගේ වැරදි සොය සොයා ඉන්න මට වේලාවක් නෑ.’’
හිටපු ඇමතිවරයෙකුද වන අර්ජුන රණතුංග මහතා මීට පෙරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවන විට පත් කළ අතුරු කමිටුවක සභාපති ධුරය දැරීය. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වෙන බැවින් අර්ජුන රණතුංග මහතා වැඩ බාර ගන්නා අවස්ථාවේ දී එහි අවට දැඩි මුරකාවල් යොදා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.