Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්ධ අවසන් පූර්ව වටයට එන්න තියුණු තරගයක්

අර්ධ අවසන් පූර්ව වටයට එන්න තියුණු තරගයක්

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමට ආසන්නව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.සී.සී (ඒ කාණ්ඩය), එන්.සී.සී (බී කාණ්ඩය), එස්.එස්.සී (සී කාණ්ඩය) සහ සැරසන්ස් (ඩී කාණ්ඩය) කණ්ඩායම් සමත්වූහ.

මේ දිනවල හවස් වරුවේදී ඇතිවන වර්ෂාවත් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සඳහා කණ්ඩායම් අතර තියුණු තරගයක් ඇතිවී ඇත.

සී.සී.සී පිල ප්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර බී.ආර්.සී පිල ප්‍රසාද ලකුණු 7 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය. එන්.සී.සී පිල ප්‍රසාද ලකුණු 8 ක් සහ කෝල්ට්ස් පිල ප්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවෙති. ‘සී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාසිටින එස්.එස්.සී සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් සමත්වී ඇත. සැරසන්ස් පිල ප්‍රසාද ලකුණු 7 ක් සහ යුදහමුදා පිල ප්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් ‘ඩි’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවෙති. යුදහමුදා සහ රාගම කණ්ඩායම් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාසිටියද දළ ලකුණු වේගය මත යුදහමුදා පිල ඉදිරියෙන් පසුවන්නේය.

මූලික වටයේ තරග මේ මස 14 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර අර්ධ අවසන් පූර්ව තරග 16 වැනිදාත්, අවසන් පූර්ව තරග 18 වැනිදාත් අවසන් මහා තරගය 20 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව වටයට එන්න තියුණු තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.