Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලාම් වෙනුවට රමිත් රඹුක්වැල්ල

අලාම් වෙනුවට රමිත් රඹුක්වැල්ල

editorial - 2020 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියෙන් පසුගිය සතියේ ඉවත් වූ අෆ්තාබ් අලාම් වෙනුවට රමිත් රඹුක්වැල්ල දඹුල්ල වයිකිංග් සංචිතයට ඇතුළත් කර තිබේ. මේ වනවිට 29 හැවිරිදි වියෙහි පසුවන රඹුක්වැල්ල වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවකු මෙන්ම පිටදඟපන්දු යවන්නෙකි.

ඇෆ්ගනිස්ථානු වේග පන්දු යවන්නකු වන අෆ්ටාබ් අලාම් ඔහුගේ අසනීප තත්වය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වූයේය.

“සංචිතයේ එක් පිටදඟ පන්දු යවන්නෙක් සිටින අතර රඹුක්වැල්ල එක්කර ගැනීම මගින් අපගේ පන්දු යැවීම තවත් ශක්තිමත් වෙනවා” යයි දඹුල්ල කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. රමිත් රඹුක්වැල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 2 කට ක්‍රීඩා කර ඇත.

මේ අතර, සතියකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඬේල් ස්ටේන්ගේ සත් දින නිරෝධායනය සම්පූර්ණ කර ඇති අතර, දෙසැම්බර් 9 වනදා ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී මහනුවර ටස්කර්ස් පිල සමගින් ඔහු එක්වන ඇත.

- 2079
 
 

 


අදහස් (0)

අලාම් වෙනුවට රමිත් රඹුක්වැල්ල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.