Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලුතෙන් පත්කළ උප සභාපති විධායක කමිටු රැස්වීමටත් නෑ

අලුතෙන් පත්කළ උප සභාපති විධායක කමිටු රැස්වීමටත් නෑ

යොහාන් භාසුර - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (4 වැනිදා) පස්වරුවේ වැඩ ආරම්භ කළේය. කේ. මතිවානන් මහතා පසුගිය 29 වැනිදා උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ විධායක කමිටුව විසින් එදිනම පුරප්පාඩු වූ තනතුරට ජයන්ත ධර්මදාස මහතා පත්කරන ලදී.

ධර්මදාස මහතා ඊයේ පස්වරු 12.30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පැමිණ එහි උප සභාපතිවරයාගේ කාර්යාලයේ මද වේලාවක් රැදී සිටි බව වාර්තා වේ.

“මම කාර්යාලයේ වැඩ ආරම්භ කරන්න ක්‍රිකට් ආයතනයට යනවා. නමුත් මට අද විශේෂ වැඩක් තිබුණේ නෑ” යැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී ධර්මදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක සභා රැස්වීමක් ඊයේ (4 වැනිදා) පස්වරු 2.00 ට පැවැත්වූවද ධර්මදාස මහතා එයට සහභාගි නොවීය.
 
 


අදහස් (0)

අලුතෙන් පත්කළ උප සභාපති විධායක කමිටු රැස්වීමටත් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.