Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් එක්දින තරගයෙන් එංගලන්තය ජයගනී

අවසන් එක්දින තරගයෙන් එංගලන්තය ජයගනී

ශනුක අරවින්ද - 2014 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ ලීඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කරගැනීමට එංගලන්ත පිල අද (5 වැනිදා) සමත්විය. එසේ වුවත් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 3-1 ක ජයක් අත්කරගැනීමට ඉන්දීය පිල සමත් විය.

තරගාවලියේ පළමු තරගය වාර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර ඉන්පසුව පැවැති තරග 3 න්ම ජය ලැබූ ඉන්දීය කණ්ඩාම 3-1 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය.

අද පැවැති අවසන් එක්දින තරගයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 295 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිලට  ඕවර 48.4 ක් අවසානයේ රැස්කරගත හැකවූයේ ලකුණු 253 ක් පමණි. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ රවින්ද්‍ර ජදේජා පන්දු 68 කදී හයේ පර 2 ක සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත්වුවද, ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙනයෑම සඳහා එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.  

අම්බටි රයියඩු පන්දු 65 කදි ලකුණු 53 ක් රැස්කළේ හයේ හර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

බෙන් ස්ටෝක්ස් ලකුණු 47 කට කඩුලූ 3 ක් දවාගත් අතර ජේම්ස් ඇන්ඩර්සන්, මොයින් අලී සහ ස්ටීවන් ෆින් කඩුලූ 2 බැගින් දවගනිමින් ඉන්දීය පිල අමාරුවේ දැමූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දොනිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල, නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 294 ක් රැස්කළේය.

පන්දු 108 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 113 ක් රැස්කළ ජෝ රූට් තරගයේ වීරයා බවට පත්විය.

ජොස් බට්ලර් (49) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ජෝ රූට් සමත්විය.

එංගලන්ත පිල - ඕවර 50 කදී කඩුලූ 7 කට 294
(ඇලිස්ටියාර් කුක් 46, ජෝ රූට් 113, ජොස් බට්ලර් 49, බෙන් ස්ට්ටෝක්ස් 33, මොහොමඞ් සාමි 52/2)

ඉන්දීය පිල - ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 253
(ශීකර් ධාවන් 31, අම්බටි රයියඩු 53, සුරේෂ් රයිනා 18, මහේන්ද්‍ර සිං දෝනි 29, රවින්ද්‍ර ජදේජා 87, රවිචන්ද්‍රන් අශ්වින් 16, බෙන් ස්ටෝක්ස් 47/3, ජේම්ස් ඇන්ඩර්සන් 39/2, මොයින් අලී 34/2, ස්ටීවන් ෆින් 37/2)

 


අදහස් (1)

අවසන් එක්දින තරගයෙන් එංගලන්තය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.