Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අශ්වින් - ජදේජා ඉන්දියාව ගොඩගනිති
චෙන්නායි ටෙස්ට් තරගය

අශ්වින් - ජදේජා ඉන්දියාව ගොඩගනිති

editorial - 2024 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශීන් සතුටු සාගරයේ පිහිනමින් සිටියදී අනපේක්‍ෂිත ප්‍රතිප්‍රහාරයක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් (නොදැවී 102) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 86) චෙන්නායි නුවරදී අද ආරම්භ වූ  පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පිල වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ. වසර තුනකට පසුව අශ්වින් ලබාගත් ටෙස්ට් ශතකය නිසා කඩුලු 6 කට ලකුණු 339 ක් ලබාගත් ඉන්දියානුවෝ මේ වන විටත් තරගයේ පාලනය සියතට ගෙන සිටිති
 
මේ රවිචන්ද්‍රන් අශ්වින්ගේ 6 වැනි ටෙස්ට් ශතකයයි. 
 
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන්ම සිටින දකුණත් පිට දඟ පන්දු යවන්නා, මේ වන විට ටෙස්ට් තරග වලදී ලකුණු 50 ඉක්මවූ ඉනිම 20 ක් වාර්තා කර තිබෙන අතරම ටෙස්ට් කඩුලු 516 ක් දවාගෙන ඇත්තෙකි. ඔහු පිත්තෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 3410 කි. 
 
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එහි අනගි ප්‍රතිඵල ලබාගත් ඔව්හු පළමු පැය තුළදී ඉන්දීය පිලේ මුල් පිතිකරුවන් තිදෙනාම ලකුණු 34 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. යයස්වී ජයසිවාල් (56) සහ රිෂාබ් පන්ට් එක්ව ලකුණු සංඛ්‍යව 96 දක්වා ඇදගෙන ගිය නමුත් ලෝකේෂ් රාහුල් දැවී යාමත් සමගින් ලකුණු පුවරුව කඩුලු 6 ට 144 ක් ලෙසින් දිස්විය. 
 
එතැන් සිට එක්වූ ලෝකයේ දැනට සිටින හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා වන රවීන්ද්‍ර ජදේජා (1) සහ රවිචන්ද්‍රන් අශ්වින් (2) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉන්දීය කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ. අශ්වින් අවසන් වරට ටෙස්ට් ශතකයක් ලබාගත්තේ වසර 2021 දී එංගලන්ත පිලට එරෙහිව චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදීමය. 
 
පාකිස්තානු කණ්ඩායම පාකිස්තානයේදීම 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියකින් පරාජය කර සිටින බංග්ලාදේශීහු ඉන්දියාවට එරෙහිව මුල්ම ටෙස්ට් ජයග්‍රහණය සොයමින් සිටී. 
 
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 6 ට 339 යි
(යයස්වී ජයිස්වාල් 56, රිෂාබ් පාන්ට් 39, ලෝකේෂ් රාහුල් 16, රවීන්ද්‍ර ජදේජා නොදැවී 86, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 102, හසන් මහමුද් 58/4)
 
- 213

අදහස් (0)

අශ්වින් - ජදේජා ඉන්දියාව ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.