Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භවූ 18 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 61 ක් රැස්කර සිටියේය.
තිළිණ තරින්ද කඩුලු 2 ක් සහ තිසර සචින්තන කඩුල්ලක් දවාගනිමින් පිතිකරුවන්ට පීඩනයක් ලබාදීමට සමත්වුවද අශේන් රුද්‍රිගු ලකුණු 28 ක් සහ චමෝද් සඳරු ලකුණු 13 ක් රැස්කරමින් පිළියන්දල මැදි විදුහල් ඉනිම ගොඩනැගීමට සමත්වූහ. මේ වනවිට පිළියන්දල මැදි විදුහල තක්ෂිලා මැදි විදුහල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 80 ක් පසුපසින් සිටී.
කාසියේ වාසිය දිනාගත් පිළියන්දල මැදි විදුහලේ නායක මල්ෂාන් ගුණතිලක පළමුව පන්දුවට පහරදීම සඳහා හොරණ තක්ෂිලා මැදි විදුහලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වමතින් පාදඟ පන්දු යවන ක්‍රීඩක උෂාන් දීමන්ත ලකුණු 08 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් දුන් සඳුන් සත්සර ලකුණු 08 කට කඩුලු 2 ක් දවාගත්තේය. හේෂාන් මදුශංක, රුචිරි අධිකාරී සහ මල්ෂාන් ගුණතිලක කඩුල්ල බැගින් දවාගනිමින් තක්ෂිලා මැදි විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
හෙට (23 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
තක්ෂිලා ම.ම. විද්‍යාලිය පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලුදෙනා දැවී 141
(සසිඳු ජනිත් 40, උෂාන් දීමන්ත 08/5, සඳුන් සත්සර 08/2)
පිළියන්දල ම.ම. විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී 61
(අශේන් රුද්රිගූ නොදැවී 28, චමෝද් සඳරු නොදැවී 13, තිළිණ තරින්ද 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.