Last Update  :  2025-02-11 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසලංක අගනා පන්දු යැවීමක
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

අසලංක අගනා පන්දු යැවීමක

editorial - 2025 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චරිත් අසලංක සිය හොඳම පළමු පෙළ පන්දු යැවීම (112/6) වාර්තා කළ නමුත් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ අද ආරම්භ වූ තරගයදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 320 ක් ලබාගත්තේය. 

තමන්ගේම ක්‍රීඩා සමාජ පිටියේදී කාසියේ වාසිය දිනාගත් එස්.එස්.සී. නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් අර්ධ ශතක තුනකින් සවිමත් වූ ද්‍රවිඩ සංගම් පිල ලකුණු 300 කඩඉම පැනගත්තේ ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු අහිමි එස්.එස්.සී. පිල අමාරුවේ හෙළමිනි. එස්. එස්.සී. පිල නියෝජනය කරන ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාත්, වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් නිස්සංකත්, මේ වන විට ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව  වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිති. 

පසුගිය සති අන්තයේදී එස්.එස්.සී. පිල වෙනුවෙන් ශතකයක් ලබාගත් දසුන් ශානක මේ වන විට ඩුබායි බලා ගොස් ඇත්තේ අයි.එල්. විස්සයි-20 තරගාවලියේදී ඩුබායි කැපිටල්ස් පිල නියෝජනය කිරීම සඳහාය. 

අද දිනයේ එක් අවස්ථාවක ද්‍රවිඩ සංගම් පිලේ කඩුලු 7 ක් ලකුණු 196 කට බිඳ වැටුණ නමුත් තරිඳු රත්නායක (50) සහ කළණ පෙරේරා (46) එක්ව ද්‍රවිඩ සංගම් පිල ලකුණු 300 කඩඉමෙන් ඔබ්බට ගෙන ගියහ. 

අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇතත් එස්.එස්.සී. පිල තවමත් සිය පළමු වැනි ජයග්‍රහණය සොයමින් සිටී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙයන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය මේ වන  විට ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයට වැටී සිටී. මෙවර පළමු පෙළ තරගාවලිය නිමාවේදී එක් එක් කාණ්ඩයේ අවසන් කණ්ඩායම් දෙකම ලබන වසරේදී පළමු පෙළ තත්ත්වය නොමැති ‘බී’ තලයේ තරගාවලියට තල්ලු කෙරෙනු ඇත. 

ලබන වසරේදී ‘බී’ තලයට නොවැටී සිටීමට නම් එස්.එස්.සී. පිලට ඉතිරිව ඇති තරග දෙකේදී අවම වශයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් වත් අවශ්‍ය වී තිබේ. මෙම ෂති අන්තයේදී පැවැත්වෙන ද්‍රවිඩ සංගම් පිලට (ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය) එරෙහි තරගයට පසුව එස්.එස්.සී. පිලට ඉතිරිව ඇත්තේ එන්.සී.සී. (ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානය) පිලට එරෙහි තරගයයි. 


ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම 320 යි
(නවෝද් පරණවිතාන 14, සිනෙත් ජයවර්ධන 24, තුලින ඩිල්ෂාන් 66, තරිඳු හර්ෂණ 29, රිසිත් උපමාල් 60, ළහිරු සමරකෝන් 21, තරිඳු රත්නායක 50, කළණ පෙරේරා 46, චරිත් අසලංක 112/6)

 


අදහස් (0)

අසලංක අගනා පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.