Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අළු බඳුන තරගාවලිය දෙසැම්බර් 8 සිට

අළු බඳුන තරගාවලිය දෙසැම්බර් 8 සිට

editorial - 2021 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 2021 අළු බඳුන තරගාවලිය දෙසැම්බර් මස 8 වැනිදා ආරම්භ වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි

තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 8 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර අළු බඳුන තරගාවලිය ආරම්භ කිරීම ප්‍රමාද වී ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි ක්‍රීඩකයන්ට දින 14 ක නිරෝධායන කාල සීමාවකට ලක්වීමට සිදුවීමත්, කල් දැමූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට යොදා තිබීමත් හේතුවෙනි.

ගැබා තරගයෙන් පසුව තරගාවලියට‍ ඇතුළත් එකම දිවා-රාත්‍රී ටෙස්ට් තරගය ඇඩි‍ලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව බොක්සිං දින ටෙස්ට් තරගය මෙල්බර්න්හිදීද, නව වසරේ පළමු ටෙස්ට් තරගය සිඩ්නිහිදීද පැවැත්වීමට නියමිතය. සති 6 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය පර්ත්හිදී නිමාවට පත්වනු ඇත.

මෙවර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමය ඇරඹෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙන ටෙස්ට් තරගයකිනි. එය එම රටවල් දෙක ටෙස්ට් තරගයකදී තරග වදින පළමු අවස්ථාව වනු ඇත. මෙම තරගය 2020 වසරේ තරග කාල සටහනට ඇතුළත්ව තිබී කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමන ලද්දකි.

අළු බඳුන තරගාවලිය නිමා වීමෙන් පසුව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත චැපල්-හැඩ්ලි කුසලාන එක්දින තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජනවාරි මස 30 වැනිදා ආරම්භ වන එම තරගාවලිය පර්ත් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර තරගාවලිය නිමාවීමෙන් අනතුරුව දෙපිල අතර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී විස්සයි20 තරගයක්ද පැවැත්වීමට නියමිතය.


අළු බඳුන තරගාවලියේ කාල සටහන

1 වැනි ටෙ‍ස්ට් තරගය - දෙසැම්බර් 8-12  ගැබා ක්‍රීඩාංගණයේදී
2 වැනි ටෙස්ට් තරගය -  දෙසැම්බර් 16-20 ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)
3 වැනි ටෙස්ට් තරගය -  දෙසැම්බර් 26-30 මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී
4 වැනි ටෙස්ට් තරගය -  ජනවාරි 5-9 සිඩ්නි ක්‍රීඩාංගණයේදී
5 වැනි ටෙස්ට් තරගය -  ජනවාරි 14-18 පර්ත් ක්‍රීඩාංගණයේදී

-036

 


අදහස් (0)

අළු බඳුන තරගාවලිය දෙසැම්බර් 8 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.