Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දඛහිසේ ආබාධයකට ලක්ව සිටින ශහීන් ෂා අෆ්රිඩි වෙනුවට මොහොමඩ් හස්නයින් පකිස්ථානු සංචිතයට කැඳවා තිබේ. මේ මස 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන සංචිතයට ශහීන් ෂා අෆ්රීඩි ඇතුළත්ව සිටියද ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී දණහිසේ ආබාධයකට ලක්වූ වේග පන්දු යවන්නාට කල්වේලා ඇතිව සුවපත් විය නොහැකි වී තිබේ.
තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන මෙහොමඩ් හස්නයින් මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ් තරගාවලියේදී ‘ඕවල් ඉන්වින්සිබල්ස්’ කණ්ඩායමට ක්‍රීඩා කරයි.
ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවන් වන පකිස්ථානය මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ කරන්නේ ඉන්දියාවට එරෙහිව අගෝස්තු 28 පැවැත්වෙන තරගයෙනි.
දණහිසේ ආබාධයකට ලක්ව සිටින අෆ්රීඩිට ආසියානු කුසලාන තරගාවලිය පමණක් නොව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද අහිමි වී යනු ඇත. අෆ්රීඩිට සති 4 ත් 6 ත් අතර කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.
පාකිස්තානු කණ්ඩායම සමගින් නෙදර්ලන්තය බලා ගියද, අෆ්රීඩිට එහිදී එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි විය.
ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්තය සහ පාකිස්තානය අතර තරග 7 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වේ. කෙසේ වෙතත් ඉන් පසුව නවසීලන්තයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී අෆ්රීඩි නැවතත් තරග මට්ටමට සුවය ලබනු ඇති බවත් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනු ඇති බවත් පාකිස්තානු ක්‍රිකට් බලධාරීහු බලාපොරොත්තුව සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.