Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව සඳහා කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක අතර තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ. තරගාවලියට පිටත්ව යෑමට පෙර නායක දසුන් ශානක කියා සිටියේද කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බවය.
“මේ වෙනකොට අපේ ආරම්භක පිතිකරු ස්ථානයට තුන් දෙනෙක් ඉන්නවා. අපි තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. පැතුම් පසුගිය කාලවකවානුව තුළ හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම තමයි කුසල් සහ ධනුෂ්කත්. මම හිතන්නේ සමහර විට පිතිකරුවෙකුට (ලැයිස්තුවේ) පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා. හම්බෙන ඕනෑම තැනක පන්දුවට පහර දෙන්න ඔවුන් සූදානමින් සිටිනවා.” යැයි එහිදී දසුන් පැවසීය.
මෙම ක්‍රීඩකයන් තිදෙනා අතරින් වඩාත් අත්දැකීම් බහුල ක්‍රීඩකයා වන ධනුෂ්ක ගුණතිලක, විස්සයි-20 ජාත්‍යන්තර තරග 39 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 38 කදීම පන්දුවට පහරදී ඇත්තේ ආරම්භක පිතිකරුවකු ලෙසිනි. එහිදී 18.24 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 675 ක් රැස්කිරීමට සමත්ව ඇති ධනුෂ්ක, ආරම්භක පිතිකරුවකු ලෙස කටයතු නොකළ අවස්ථාවේදී ලබාගෙන ඇත්තේ ලකුණු 3 ක් පමණි.
ඉකුත් වසරේදී (2021) ජාත්‍යන්තර විස්සයි-20 තරග බිමට අවතීර්ණ වූ පැතුම් නිස්සංකද, තරග 2 කදී හැරණුකොට සහභාගි වූ සෙසු තරග 21 දීම ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර ඇත. ඉනිම ආරම්භ කරමින් 28.04 ක සාමාන්‍යක් සමග ලකුණු 589 ක් රැස්කර ඇති පැතුම්, සෙසු ස්ථානවල පන්දුවට පහරදෙමින් ලබගෙන ඇති ලකුණු සංඛ්‍යාව 39 කි.
2021 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළේද පැතුම්ය.
විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස ධනුෂ්කට සහ පැතුම්ට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්ව ඇත. ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ තරග 14 දී ලකුණු 447 ක් රැස්කරගෙන ඇති කුසල්, එහිදී රඳවාගෙන ඇති සාමාන්‍යය 34.38 ක අගයක් ගනී. කෙසේ වුවත් සෙසු ස්ථානවල පන්දුවට පහර දෙමින් තරග 21 කදී ඔහුට ලබාගැනීමට හැකි වී ඇත්තේ ලකුණු 234 ක් පමණි.
මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස ක්‍රීඩා කරන්නේ නම් කණ්ඩායමට ඔහුගෙන් වැඩි දායකත්වයක් ලබාගැනීමට හැකි වනු ඇති බව පෙනී යයි. එසේ වුවහොත් ධනුෂ්කට හෝ පැතුම්ට නායකයා පැවසූ පරිදි පියවරක් හෝ දෙකක් පිතිකරු ලැයිස්තුවේ පල්ලම් බැසීමට සිදුවනු ඇත.
මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින පිතිකරුවන් අතරින් විස්සයි-20 තරගවලදී හොඳම සාමාන්‍යයකට හිමිකම් කියන පිතිකරුවා වන චරිත් අසලංකද (28.94) කණ්ඩායමේ අංක 3 සහ 4 ස්ථාන සඳහා සූදානමින් සිටියි. එබැවින් ඉහත කී පිතිකරුවන් තිදෙනාගෙන් ආරම්භක පිතිකරු භූමිකාවක් අහිමිවන පිතිකරුවාට අංක 3 සහ 4 ස්ථාන සඳහා පල්ලම් බැසීමේදී ඒ පිළිබඳවද අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.