Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සමුළුවේ සභාපතිවරයා මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18 වැනිදා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ආසියානු ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගීවීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයෝ 40දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරුද ජේ ෂා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමේ අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.