Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කුරුණෑගල ජනුර් කිචිලාන් සහ ර. මු. වී. ර. බණ්ඩාර)
කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති මලියදේව - ශාන්තආනා 41 වෙනි ඇතුගල්පුර මහ සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම ලකුණු 309 ක් ලබා ගත් අතර පන්දු 251 ක දී චන්දුප අබේසිංහ හතරේ පහර 3 ක් සමග ලකුණු 106 ක් ලබාගත්තේය. විනුක ගලප්පත්ති හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 65 ක් ලබාගත්තේය. සොනාල් අශ්වින් ලකුණු 44 ක් ලබා ගත්තේ හතරේ පහර 6 සමගිනි.
මලියදේවය වෙනුවෙන් ශතකයක් (106) ක් ලබාගත් චන්දුප අබේසිංහ තරගයේ වීරයා විය.
තරගයේ දක්ෂතම පිතිකරු ලෙස චන්දුප අබේසිංහ (මලියදේව විද්‍යාලය) සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස තවීෂ බාලසූරිය (මලියදේව විද්‍යාලය) සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු රකින්නා ලෙස බුද්ධිම නන්දසිරිි (ශාන්ත ආනා විදුහල) සම්මාන හිමිකර ගත්තේය.
මලියදේව විදුහල - ඕවර 102.4 කදී සියලු දෙනා දැවී 309 යි
(චන්දූප අබේසිංහ 106, විනුක ගලප්පත්ති 65, සොනාල් අශ්වින් 44, දිමත් අබේසිංහ 33, රජිත් නවෝද්‍ය 28, ෂෙහාන් කුමාර 94/3, යශ්මිත් ජයසුන්දර 43/2, බසීර් ශකීල් 63/2)
ශාන්ත ආනා විදුහල - පළමු ඉනිම ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 119 යි
(චමිත් සසෙන්ජන 25, යශ්මිත් ජයසුන්දර 25, ඕෂධ කොඩිකාර 19, කුෂාන් සුබසිංහ 16, තවීශ බාලසූරිය 52/5)
මලියදේව - දෙවැනි ඉනිම ඕවර 11 කදී කඩුලු 4 ට 50 යි
(රජිත් නවෝද්‍ය 27, යශ්මිත් ජයසුන්දර 01/2)
තරගය ජය පරාජයෙන් තොරවීම හේතුවෙන් මලියදේව සහ ශාන්ත ආනා විදුහල් නායකයෝ කුසලානය සමව හිමිකරගනිමින්...
තරගයේ වීරයා වූ චන්දුප අබේසිංහ සිය සම්මානය ලබා ගනිමින්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.