Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල මලියදේව විදුහල සහ ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 35 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (23 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ‘ඇතුගල්පුර හටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මලියදේව විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියේය.
ඒ වනවිට මලියදේවයේ කවීෂ බණ්ඩාර ලකුණු 29 ක්ද, බ්‍රයන් කරුණානායක ලකුණු 26 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටි ශාන්ත ආනා විදුහල, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 139 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා මලියදේව විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.
එහිදී කවිඳු රණසිංහ (64) සහ ලසිත් වර්ණකුලසූරිය (55) ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පිවිතු ප්‍රනාන්දු ලකුණු 36 ක්ද, ක්‍රිෂාන්ත පියතිලක ලකුණු 35 ක්ද, කවිඳු ඒකනායක ලකුණු 31 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව විදුහල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබාගත් අතර මලියදේව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාලුක අතපත්තු ලකුණු 48 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිෂිත පෙරේරා ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් අතර මලියදේව පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රිෂිතට අනගි සහායක් දුන් පසිඳු තෙන්නකෝන් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 172
(චාලුක අතපත්තු 48, විදත් බටේපොල 32, සුපුන් සුමනරත්න 26, රිෂිත පෙරේරා 15/4, පසිඳු තෙන්නකෝන් 53/3)
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 94.2 කදී කඩුලු 9 ක් දැවී 278
(කවිඳු රණසිංහ 64, ලසිත් වර්ණකුලසූරිය 55, පිවිතු ප්‍රනාන්දු 36, ක්‍රිෂාන්ත පියතිලක 35, කවිඳු ඒකනායක 31, බ්‍රයන් කරුණානායක 30/2, විදත් බටේපොල 45/2)
මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී 109
(කවීෂ බණ්ඩාර නොදැවී 29, සුපුන් සුමනරත්න 27, බ්‍රයන් කරුණානායක 26, මුදිත ප්‍රේමදාස 24)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.