Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය මව්බිමේදීම ටෙස්ට් තරග 100 කට පෙනී සිටි පළමු ක්‍රීඩකයා බවට පත් වූ එංගලන්තයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා වන ජේම්ස් ඇන්ඩර්සන් මැන්චෙස්ටර්හි ඕල්ඩ්ට්‍රැෆර්ඩ් පිටියේදී බ්‍රහස්පතින්දා (25 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගත්තේ දකුණු අප්‍රිකානුවන්ට අනතුරු අඟවමිනි. ඇන්ඩසන්ගේ ආරම්භයෙන් දිරිමත් වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් (37/3) සහ බෙන් ස්ටෝක්ස් (17/2) එක්ව දකුණු අප්‍රිකානු පිලේ මුල් ඉනිම ලකුණු 151 කට සීමා කළහ.
එංගලන්ත පළමු ඉනිමේදීත් ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් දිනය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව, කඩුලු 3 කට 111 ක් ලෙසින් වෙනස් වී තිබිණ.
ඒ වන විට එංගලන්ත පිල දකුණු අප්‍රිකානුවන්ට වඩා පසුපසින් සිටියේ ලකුණු 40 කින් වූවත් ඔවුන් අත කඩුලු 7 ක් තිබිණ. ලකුණු අතරට පිවිසීමට මහත් වෙහෙසක් ගන්නා සැක් ක්‍රෝලි නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේ පන්දු 77 කට මුහුණ දෙමිනි.
පළමු ටෙස්ට් තරගය ජයගත් දකූණු අප්‍රිකානුවෝ තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති. එහෙත් එංගලන්තයේ අපේක්ෂාව මෙම තරගය ජයගනිමින්, තරගාවලිය සමකර ගැනීමයි. ඒ වෙනුවෙන් ඔව්හු සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටිති. තම 158 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගැනීටමන් පසුව ‘ස්කයි ස්පෝට්ස්’ රූපවාහිනී නාළිකාවට කියා සිටියේ එය වාසිය තමන්ට අහිමි වීමට තරම් සුදුසු කාසියක් බවයි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. දිනය ආරම්භයේ සිටම අහස අඳුරු වී පැවති බැවින් දිනයේ වාසිය පන්දු යවන්නන් සතුවිය.
“අපි හිතුවේ දවස අවසන් වෙනකොට දකුණු අප්‍රිකානුවන් කඩුලු 5 ක් විතර දවාගනී කියලයි. ඒත් දැන් ඉන්න තත්ත්වය ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා” යයිද ස්ටුවර්ට් බ්‍රෝඩ් පැවසීය.
දකුණු අප්‍රිකානු ඉනිම නිමාවූයේ හිරු එළිය පැමිණීමෙන් පසුවය. එහි වාසිය ලබාගත්තේ එංගලන්තයයි. ජෝ රූට් ලකුණු 9 කට දැවී ගියත් පන්දු 45 කින් ලකුණු 38 ක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ එංගලන්ත ලකුණු පුවරුව දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් සිටියේය.
දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ කගීසෝ රබාඩා, ලකුණු 36ක් ලබාගත්තේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුනු ලාභියා වෙමිනි.
සිය 174 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ජේම්ස් ඇන්ඩසන් ඒවායින් තරග 97 ක් එංගලන්තයේදීත්, තවත් තරග 3 ක් වේල්සයේදීත් ක්‍රීඩා කර තිබේ. මේ රටවල් දෙකම එක්සත් රාජධානියට අයත් වන බැවින්, ජේම්ස් ඇන්ඩසන් සැලකෙන්නේ සිය මව්බිමේදී ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ පළමු වැනි ක්‍රීඩකයා ලෙසිනි.
මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ එක් අන්තයක් දැනටමත් නම්කර ඇත්තේ ජේම්ස් ඇන්ඩසන් අන්තය ලෙසිනි. ඒ ටෙස්ට් කඩුලු 600 ක් දවාගත් ලෝකයේ පළමු වැනි වේග පන්දු යවන්නා වීම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙසිනි. ඇන්ඩසන් පන්දු යවමින් සිටියේත් එම අන්තයෙනි. මෙම ටෙස්ට් තරග 174 දී ඇන්ඩසන් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 661 කි.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 151 යි
(ඩීන් එල්ගා 12, කීගන් පීටර්සන් 21, ඒඩ්න් මාක්රම් 14, රාසි වැන්ඩර්’ඩසන් 16, කයිල් වර්රීන් 21, කගීසෝ රබාඩා 36, ඇන්රික් නෝයේ 10, ජේම්ස් ඇන්ඩසන් 32/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3, බෙන් ස්ටෝක්ස් 17/2)
එංගලන්තය පළමු ඉනිම - කඩුලු 3 ට 111 යි
(සැක් ක්‍රෝලි නොදැවී 17, ඔලී පෝප් 23, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 38)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.