Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ඩෘෘ සයිමන්ස් දිවියෙන් සමුගනී

ඇන්ඩෘෘ සයිමන්ස් දිවියෙන් සමුගනී

editorial - 2022 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘෘ සයිමන්ස් ඊයේ (14 වැනිදා) රාත්‍රියේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙ‍දරු පියෙක් වූ ඔහු මිය යන විට 46 වැනි වියේ පසුවිය. ටෙස්ට් තරග 26 කදී, එක්දින තරග 198 කදී සහ විස්සයි-20 තරග 14 කදී ඕස්ට්‍රේලියාව නියෝජනය කර ඇති ඔහු 2009 වසරේදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්තේය.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පවසන පරිදි සයිමන්ස් ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කිහිපවරක් පෙරළි තිබේ. අනතුර සිදුවූ  ස්ථානයට පැමිණි හදිසි ආපදා සේවාවන් සයිමන්ස්ගේ ජීවිතය බේරාගැනීම සඳහා උත්සාහගෙන තිබුණද, සිදුවී තිබූ බරපතල තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දක්ෂ පිතිකරුවකු, දක්ෂ පන්දු රකින්නකු මෙන්ම අතිරේක පන්දු යවන්නකු ලෙසද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉතා අනගි සේවයක් ඉටු කළ සයිමන්ස්, එක්දින ලෝක කුසලාන දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකක මෙන්ම 2006-2007 තරග වාරයේදී එංගලන්තය පරාජය කරමින් අළු බඳුන දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේද සාමාජිකයකු විය.

ශතක 6 ක් සහ අර්ධ ශතක 30 ක් සමග එක්දින තරගවලදී ලකුණු 5088 ක් රැස්කිරීමට සයිමන්ස් සමත් වී ඇත්‍තේ 39.75 ක සාමාන්‍යයක් සහ 92.44 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. ටෙස්ට් ශතක 2 ක් සහ අර්ධ ශතක 10 ක් සමග ලකුණු 1462 ක් රැස්කළ ඔහු එහි සාමාන්‍යය 40.61 ක් ලෙස පවත්වා ගත්තේය. විස්සයි-20 තරගවලදී අර්ධ ශතක 2 ක් සමග ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 337 කි.

එංගලන්තයේ බර්මින්හැම්හි ඉපිද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ සයිමන්ස්, ජාත්‍යන්තර තරග බි‍මෙන් සමුගැනීමෙන් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ග්ලූස්ටර්ෂයර්, කෙන්ට්, ලැන්ක‍ෂයර් සහ සරේ ප්‍රාන්ත වෙනුවෙන්ද ක්‍රීඩ කළේය. වසර 17 ක් පුරා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඩෙකෑන් චාජර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් නියෝජනය කළේය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (16) එල්ල කළ ක්‍රීඩකයා ලෙස වර්තාවක් පිහිටුවීමටද සයිමන්ස් සමත්ව සිටියේය. 1995 වසරේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එම වාර්තා පිහිටුවීය. කෙසේ වුවත් ඉකුත් සතියේ‍ වූෂ්ටෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී හයේ පහර 17 ක් එල්ල කරමින් ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් එම වාර්තාව බිඳ දැමුවේය.

-036

 


අදහස් (1)

ඇන්ඩෘෘ සයිමන්ස් දිවියෙන් සමුගනී
  • GAMAGE Sunday, 15 May 2022 02:42 PM

    ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයෙක්... සාමයේ සැතපේවා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.