Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇලන් බෝඩර්ට පාකින්සන්

ඇලන් බෝඩර්ට පාකින්සන්

editorial - 2023 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන් පාකින්සන් රෝගයට ගොදුරු වී ඇතැයි ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ඇලන් බෝඩර් කියයි. මේ වන විට 67 වැනි වියේ පසුවන බෝඩර්, වසර 7 ක් තිස්සේ මෙම රෝගයෙන් පීඩා විඳින නමුත් එය ප්‍රසිද්ධියේ හෙළිදරව් කර ඇත්තේ පළමු වතාවටය.

වසර 80 ක් ජීවත් වුවහොත් එය ප්‍රාතිහාර්යයක් වනු ඇතැයි තමන් හා තම මිත්‍රයකු වන වෛද්‍යවරයකු එකඟ වු බවත් කියන බෝඩර්...

“මොන පිස්සුද... මම තවත් 100 ක් ගහන්නයි යන්නේ. ඒක ස්ථිරයි” යයිද ඕස්ටේ්‍රලියානු ප්‍රවෘත්ති සේවාවකට පවසා තිබේ. බෝඩර් තම රෝගය ගැන කියා තිබුණේ සිය කණ්ඩායම් සගයකුව සිටි ඩීන් ජෝන්ස්ට පමණි. බෝඩර්ගේ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වූ ඩීන් ජෝන්ස් වසර 2020 දී හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්විය.  

බෝඩර් වසර ගණනාවක් තිස්සේ තම රෝගය වසන්කරගෙන සිටියද, ඔහුගේ සමීප මිත්‍රයෝ බෝඩර්ගේ වෙව්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

ටෙස්ට් ලකුණු 11,000 කඩයිම පසුකළ ලෝකයේ පළමු වැනි පිතිකරුවා වන ඇලන් බෝඩර්, ටෙස්ට් තරග 156 කදී ශතක 27 ක් ලබා තිබේ. ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් පළමුවෙන්ම ක්‍රිකට් ලෝක කුෂලාන දිනාගත් නායකයා වන්නේද ඇලන් බෝඩර්ය. 1987 දී එංගලන්තය පරාජය කරමින් ඕස්ටේ්‍රලියානුවෝ පළමු වතාවට ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත්හ.

ලෝ ප්‍රකට බොක්සිං ක්‍රීඩකයකු වන මොහොමඩ් අලී ද වසර ගණනාවක් පුරා පාකින්සන් රෝගයෙන් පීඩා වින්දේය. අලී වසර 74 ක් අයු වළඳා 2016 දී දිවියෙන් සමුගත්තේය.


- 213


අදහස් (0)

ඇලන් බෝඩර්ට පාකින්සන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.