Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඇෆ්ඝනිස්ථානය සහ එංගලන්තය අතර දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 69 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 40.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි.
ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ එංගලන්ත පිතිකරුවෝ, එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් හැරී බෘක් පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 66 ක් රැස්කළේය. කෙසේ වුවත් මුජිබුර් රහමන්ගේ පන්දුවක් හමුවේ ඉක්‍රම් අලිඛිල් අතට උඩපන්දුවක් දෙමින් දැවීයෑම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
එංගලන්ත ඉනිමේ කඩුලු 10 න් 8 ක්ම බෙදාගැනීමට ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නෝ සමත් වු අතර එහිදී රෂීඩ් ඛාන් ලකුණු 37 කට කඩුලු 3 ක්ද, මුජිබුර් රහමන් ලකුණු 51 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ. මොහොමඩ් නබී කඩුලු 2 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රෂීඩ්ට සහ මුජිබුර්ට අනගි සහායක් දුන්නේය.
එංගලන්ත නායක ජොස් බට්ලර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 57 කින් ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. ඊබ්‍රහීම් සද්‍රාන් (28) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 114 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගුර්බාස් සමත් විය.
හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඉක්‍රම් අලිඛිල් පන්දු 66 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 58 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන ඉනිම සවිමත් කළේය. රෂීඩ් ඛාන් පන්දු 22 කින් ලකුණු 23 ක්ද, මුජිබුර් රහමන් පන්දු 16 කින් ලකුණු 28 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට ගෙන යෑම සඳහා අලිඛිල්ට අනගි සහායක් දුන්හ.
එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ආදිල් රෂීඩ් නිලකුණු ඕවරයක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර මාක් වුඩ් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 50 ක් ලබාදෙමිනි. රීස් ටොප්ලි, ලයෑම් ලිවිංග්ස්ටන් සහජෝ රූට් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 284
(රහ්මනුල්ලා ගුර්බාස් 80, ඊබ්‍රහීම් සද්‍රාන් 28, අෂ්මතුල්ලා ශහිදි 19, ඉක්‍රම් අලිඛිල් 58, රෂීඩ් ඛාන් 23, මුජිබුර් රහමන් 28, ආදිල් රෂීඩ් 42/3, මාක් වුඩ් 50/2)
එංගලන්තය - ඕවර 40.3කදී සියලු දෙනා දැවී 215
(ඩේවිඩ් මැලන් 32, හැරී බෘක් 66, ආදිල් රෂීඩ් 20, මාක් වුඩ් 18, රෂීඩ් ඛාන් 37/3, මුජිබුර් රහමන් 51/3, මොහොමඩ් නබී 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.