Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි එක්දින ජාත්‍යන්තර තරග දෙක සඳහාද ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගී නොවන බව වාර්තා වේ. ඔහුගේ මහපටගිල්ලක හටගෙන තිබූ ආබාධ තත්ත්වය තවමත් සුව අතට හැරී නොතිබීම ඊට හේතුව ලෙසින් කියැවේ.
ඒ අනුව ඉතිරි තරග දෙකේදීද ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විරාට් කෝලිට හිමිවී තිබේ.
පළමු තරග 3 ට කී‍්‍රඩා කළ ශිකර් ධවාන්, රවින්ද්‍ර ජදේජා, රිධිමන් සහා, ඉෂාන්ත් ශර්මා සහ වරුන් ඒරන් යන කී‍්‍රඩකයන් ඉතිරි තරග දෙක සඳහා නම් කරන ලද නව සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔවුන් වෙනුවට රෝහිත් ශර්මා, රොබින් උත්තාපා, කරන් ශර්මා, විනේ කුමාර් සහ කේදර් ජාදව් යන කී‍්‍රඩකයන් කැඳවා ඇත.
පළමු තරග 3 සඳහා නම් කරන ලද සංචිතයේ සිටියද, එම තරග තුනෙන් එකකට හෝ කී‍්‍රඩා කිරීමේ අවස්ථාව හිමි නොවූ අමිත් මිශ්රා, මුරලි විජේ සහ මොහොමඞ් සාමි යන කී‍්‍රඩකයන්ද නව සංචිතයෙන් ඉවත් කර තිබේ.
සිව්වැනි සහ පස්වැනි තරග සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක), අජන්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා, අම්බටි රයිඩු, සුරේෂ් රයිනා, රොබින් උත්තාපා, අක්ෂර් පතේල්, කරන් ශර්මා, රවිචන්ද්‍රන් අශ්වින්, උමේෂ් යාදව්, ධවාල් කුල්කර්ණි, ස්ටුවර්ට් බිනී, විනේ කුමාර්, කේදර් ජාදව්
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.