Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශීකර් ධවාන්ගේ (55) පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව අද (8 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.
ප්‍රවේගාරී පිතිකරු නායක රෝහිත් ශර්මා ලකුණු 17 කට දවාගනිමින් ඉන්දිය පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් උත්සහ කළද අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් ශීකර් ධවාන් සිය 6 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 35 කදී ලබාගැනීමට සමත්විය. ටස්කින් අහමඞ්ගේ පන්දු හමුවේ ලිටන් දාස් අතට උඩපන්දුවක් දෙමින් ශීකර් ධවාන් දැවීයන විට පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 55 ක් රැස්කර සිටියේය.
ඉන්දීය ඉනිමේ කඩුලු 2 ක් ලකුණු 40 ක් තුළ දැවී ගිය පසු තෙවැනි කඩුල්ල සදහා ශීකර් ධවාන් සහ සුරේෂ් රයිනා එක්ව පන්දු 54 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
සුරේෂ් රයිනා දැවීයන විට පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස්කළ අතර තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි මනීෂ් පාන්ඬේ පන්දු 19 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.
ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ නායකයා පන්දු යවන්නන් හත් දෙනෙකු යොදා ගත්තද ඉන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැකිවිය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් රැස්කිරීමට සමත්විය.
ශර්දුල් ඨාකූර් විසින් යවන ලද තරගයේ 5 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 7 ක් ලබාසිටි ටමීම් ඉක්බාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ ඉල්ලීමක් කළ අතර ප්‍රධාන විනිසුරු විසින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය. ඉන් සැහීමකට පත්නොවූ ටමීම් ඉක්බාල් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹීමේදී පන්දු පා ඉන්නෙන් පිටත පතිත වීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් ඔහු දැවී නොගිය බවට තීරණය කළේය.
පස්වැනි ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දු වලට හතරේ පහර දෙකක් ගැසූ තමීම් ඉක්බාල් එම ඕවරයේ අවසන් පන්දුවේදී දවාගැනීමට ශර්දුල් ඨාකූර් සමත්විය. ජයදේව් උනද්කට් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ටමීම් ඉක්බාල්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි.
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකිවූ අතර ලකුණු 30 සීමාව පසුකිරීමට හැකිවූයේ පිතිකරුවන් දෙදෙනෙකුට පමණි.
ලිටන් දාස් පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගැනීමට සබීර් රහමාන්ට හැකිවිය.
වේගපන්දු යවන ක්‍රීඩක ජයදේව් උනද්කට් යවන ලද ඕවර 4 තුළදී ලකුණු 38 ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූවද කඩුලු 3 ක් දවාගැනීමට ඔහුට හැකිවිය. ශ්‍රී ලංකාව සමගින් පැවැති පළමු තරගයේදී විස්සයි20 වරම් හිමිකරගත් විජේ ශංකර්ට එම තරගයේදී කඩුලු දවාගැනීමට අසමත් වුවද අද තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 2 ක් දවාගත්තේය.
යුස්වේන්ද්‍ර චහල් බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ඇති කරමින් සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුල්ලක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාව සමගින් පළමු තරගයට ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැතිවම මෙම තරගයටද සහභාගීවූ අතර කාසියේ වාසිය දිනාගත් නායක රෝහිත් ශර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඉන්දීය - බංග්ලාදේශ ‘නිදහස් කුසලාන’ විස්සයි20 තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.