Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ දින 3 කින් තරගය දිනති
බෝඩර් - ගවස්කාර් කුසලාන

ඉන්දියානුවෝ දින 3 කින් තරගය දිනති

editorial - 2023 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි වතාවටත් දින තුනකින් ඕස්ට්‍රේලියාව පැරදවූ ඉන්දියානුවෝ, 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමින්, බෝඩර් - ගවස්කාර් කුසලානය තවදුරටත් තමන් වෙතම රඳවා ගත්හ. නවදිල්ලියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) කඩුලු 6 කින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කළ ඉන්දියානුවෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දොරටුව අබියසටම පැමිණ සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු පුවරුවේදී මේ වන විට ඉහළින්ම සිටින ඕස්ට්‍රේලියාව සතුව 66.67% ක ජයග්‍රහණ ප්‍රතිශතයක් තිබේ. ඉන්දියාව සතු ජයග්‍රහණ ප්‍රතිශතය 64.06% කි. ශ්‍රී ලංකාව මෙම සටහනේ තුන්වැනි ස්ථානයේ සිටින්නේ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් රඳවා ගනිමිනි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය, ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර පැවැත්වේ.

අද පෙරවරුවේ සිටම නොනවත්වා පන්දු යැවූ රවීන්ද්‍ර ජදේජා (42/7) සහ රවිචන්ද්‍රන් අශ්වින් (59/3) ඕවර 28 කදී ඕස්ට්‍රේලියානු කඩුලු 10 ම තමන් සතුකරගත්හ. මේ දෙදෙනා හැරෙන්නට ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී පන්දු යැවූ මොහොමඩ් ශාමි සහ අක්ෂර් පතෙල් දෙදෙනාටම යැවිය හැකිවූයේ ඕවර 3 කි. මේ අතරවාරයේදී ජදේජා සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ලකුණු 65 දී ට්‍රැවිස් හෙඩ් දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු 9 ම, පැය එකහමාරක් තුළදී ඇද වැටිණ. ඇලෙක්ස් කේරි සහ ස්ටීව් ස්මිත් වැන්නන් ස්වීප් පහර උපයෝගී කරගනිමින් පීඩනයෙන් මිදීමට උත්සාහ කළ නමුත් දෙදෙනාම අසාර්ථක වූහ.

පිට පිටම දෙවැනි වතාවටත් තරගයේ වීරයා වූ රවීන්ද්‍ර ජදේජා දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු 7 න් 5 ක් පන්දුව කෙළින්ම කඩුල්ලට යවමින් දවාගත් ඒවා විය.

ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් තරමක් චංචල වූ නමුත් මැද පෙළ පිතිකරුවෝ කඩුලු 4 ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 115 පසුකර ගියහ.

 
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 263 යි
ඉන්දියාව - පළමු ඉනිම 262 යි
ඕස්ටේ්‍රලියාව - දෙවැනි ඉනිම 113 යි

(ට්‍රැවිස් හෙඩ් 43, මානස් ලැබුෂේන් 35, රවිචන්ද්‍රන් අශ්වින් 59/3, රවීන්ද්‍ර ජදේජා 42/7)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 4 ට 118 යි
(රෝහිත් ෂර්මා 31, චෙටේස්වාර් පුජාරා නොදැවී 31, විරාට් කෝලි 20, ශ්‍රෙයාස් අයියර් 12, ශ්‍රීකාර් භාරත් නොදැවී 23, නේදන් ලයන් 49/2)

 

- 213

 


අදහස් (0)

ඉන්දියානුවෝ දින 3 කින් තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.