Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට..)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පකිස්තානය අතර ඉකුත් 28 වැනිදා පැවැති තරගයේදී නියමිත වේලාවට පෙර අදාල ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අසමත්වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම තරග ගාස්තුවෙන් 40% බැගින් වූ දඩ මුදලක් නියම කර තිබේ.
එම තරගයේදී කණ්ඩායම් දෙකම නියමිත වෙලාවෙන් පසුව ඕවර 2 බැගින් යවා තිබීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම මට්ටමේ තරග තීරකවරයකු වන නවසීලන්ත ජාතික ජෙෆ් ක්‍රෝව් මහතා ඔවුන්ට මෙම දඩ මුදල නියම කිරීමට පියවර ගෙන ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ක්‍රීඩකයන් සහ ඔවුන්‍ගේ සහායක පිරිස් වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබ ඇති නීති පද්ධතියට අනුව යම් කණ්ඩායමක් නියමිත වේලාවෙන් පසුව යවන ඕවරයක් සඳහා ඔවුන්ට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරකවරයාට බලය තිබේ.
මෙම සිදුවීමට අදාලව කණ්ඩායමේ දෙකේ නායකයන් වන රෝහිත් ශර්මා සහ බාබර් අසාම් වරද පිළිගෙන ඇති බැවින් ඒ සඳහා වැඩිදුර පරීක්ෂණයක් නොපැවැත්වෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් ඔස්සේ කියා සිටියි.
බංග්ලාදේශ ජාතික මසුදුර් රහමන් සහ ශ්‍රී ලංකා ජාතික රුචිර පල්ලියගුරුගේ මෙම තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා ජාතික රවින්ද්‍ර විමලසිරි සහ බංග්ලාදේශ ජාතික ගාසි සොහේල් යන මහත්වරු එහිදී තෙවැනි සහ සිවුවැනි විනිසුරුවෝ ලෙස කටයුතු කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.