Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පෙරහුරු තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලොකේෂ් රාහුල් (39) සමග එක්ව පන්දු 56 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රෝහිත් ශර්මා (60), දෙවැනි කඩුල්ල වෙනුවෙන් සූර්යකුමාර් යාදව් (නොදැවී 38) සමග එක්ව පන්දු 34 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 41 කට මුහුණදුන් ශර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. පන්දු 31 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 27 කදී වාර්තා වූ සූර්යකුමාර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ස්ටීවන් ස්මිත් පන්දු 48 කින් ලකුණු 57 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ග්ලේන් මැක්ස්වෙල් (37) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මිත් සමත් විය.
මැක්ස්වෙල්ගේ දැවී යෑමෙන් අනතුරුව මාකස් ස්ටොයිනිස් සමග එක්වූ ස්මිත්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 25 කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ස්ටොයිනිස් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළ අතර පන්දු 28 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 152
(ස්ටීවන් ස්මිත් 57, ග්ලේන් මැක්ස්වෙල් 37, මාකස් ස්ටොයිනිස් නොදැවී 41, රවිචන්ද්‍රන් අෂ්වින් 08/4)
ඉන්දියාව - ඕවර 17.5 කදී කඩුලු 2ක් දැවී 153
(ලෝකේෂ් රාහුල් 39, රෝහිත් ශර්මා 60, සූර්යකුමාර් යාදව් නොදැවී 38, හර්දික් පාණ්ඩ්‍යා නොදැවි 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.