Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 149 කට සීමාකළ ඉන්දීය පන්දු යවන්නෝ චෙන්නායි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 227 ක දැවැන්ත වාසියක් අත්කර ගත්හ.
පහසුවෙන්ම පිට පිට දෙවැනි වතාවටත් බංග්ලාදේශීන් ආපසු පිටියට යැවීමේ අවස්ථාව තිබුණ නමුත් චෙන්නායි තණතීරුවේ පිතිකරුවන් සතු වාසිය තවදුරටත් ප්‍රයෝජනයට ගැනීමට සිතූ ඉන්දියානුවෝ දෙවරක් නොසිතාම නැවතත් පිති අතට ගත්හ.
තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි ඉන්දියානුවෝ මේ වන විටත් තරගයේ පාලනය සියතට ගෙන සිටිති.
ඉන්දීය දෙවැනි ඉනිමේදීත් ලකුණු 28 ක් ඇතුළත යශස්වී ජයස්වාල් සහ නායක රෝහිත් ෂර්මාත් දැවී ගිය නමුත් විරාට් කෝලි (17), ෂුබ්මන් ගිල් (නොදැවී 33) සහ රිෂාබ් පාන්ට් (නොදැවී 12) එක්ව ඉන්දීය ලකුණු සංඛ්‍යාව 81 ක් දක්වා ඇදගෙන ගියහ. විරාට් කෝලිගේ දැවී යාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් වුවද ඔහු විතීවි තීරණය නොවිමසාම ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් ‘අල්ට්රා එජ්’ තාක්ෂණයෙන් පෙන්නුම් කළේ පන්දුව යාන්තමින් පිත්තේ වදින බවයි.
පළමු දිනය අවසානයේදී කඩුලු 6 කට ලකුණු 339 ක් ලබා සිටි ඉන්දියානුවෝ අද පෙරවරුවේදී ලකුණු 376 කට දැවී ගියහ. ඊයේ ලකුණු 86 ක් ලබා නොදැවී සිටි රවීන්ද්‍ර ජදේජා අද පෙරවරුවේදී ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අතර අශ්වින් සහ ජදේජා අතර හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 199 දී බිඳ වැටිණ.
පාකිස්තානු කණ්ඩායම පාකිස්තානයේදීම 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලියකින් පරාජය කර සිටින බංග්ලාදේශීහු ඉන්දියාවට එරෙහිව මුල්ම ටෙස්ට් ජයග්‍රහණය සොයමින් සිටී.
ඉන්දියාව - පළමු ඉනිම 376 යි
(යයස්වී ජයිස්වාල් 56, රිෂාබ් පාන්ට් 39, ලෝකේෂ් රාහුල් 16, රවීන්ද්‍ර ජදේජා 86, රවිචන්ද්‍රන් අශ්වින් 113, ආකාශ් දීප් 17, ටස්කින් අහමඩ් 55/3, හසන් මහමුද් 83/5)
බංග්ලාදේශය - පළමු ඉනිම 149
(නජ්මුල් හොසේන් ශන්ටෝ 20, සකිබ් අල් හසන් 32, ලිටන් දාස් 22, මෙහෙදි හසන් මිරාස් නොදැවී 27, ටස්කින් අහමඩ් 11, නහීද් රානා 11, ජස්ප්‍රීට් බුම්රා 50/4, මොහොමඩ් සිරාජ් 30/2, ආකාශ් දීප් 19/2, රවීන්ද්‍ර ජදේජා 19/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 81 යි
(යශස්වී ජයස්වාල් 10, ෂුබ්මන් ගිල් නොදැවී 33, විරාට් කෝලි 17, රිෂාබ් පාන්ට් නොදැවී 17)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.